එළවළු මිල බිංදුවටම බහියි

Published in පුවත්
Friday, 25 October 2024 13:05

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල ශීඝ්‍රයෙන් පහළ වැටි ඇතැයි එහි ව්‍යාපාරිකයින් පවසනවා.

මේ දිනවල වැඩි වශයෙන් එළවලු තොග ලැබුණද ඒවා මිලදී ගැනීම සඳහා පිටස්තර වෙළෙන්දන්ගේ පැමිණීම අඩුවීම, මේ තත්ත්වයට හේතු වී ඇති බවයි වාර්තා වෙන්නේ.

එළවළු පරිභෝජනය කරන ප්‍රමාණ පහළ යෑම ඊට හේතුවක් වී ඇති බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙළඳුන් පවසන්නේ.

වෙළෙන්දන් පවසන්නේ එළවළු අලෙවි නොවී දිනගණන් තිබී විනාශ වන නිසාත් එළවළු ප්‍රවාහනය සහ අනෙකුත් වියදම් අධික වීම නිසාත් ජනතාවට අඩු මුදලකට එළවළු ලබාදීමට නොහැකි බවයි.

කෙසේ වෙතත්, අමු මිරිස් ,වම්බටු, තක්කාලි ,කැකිරි ආදී එළවලු වර්ග සහ කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන කැරට් ,ලීස් ,ගෝවා බොහොමයක් අලෙවි වන්නේ රුපියල් 50 ත් 100ත් අතර මිල ගණන් යටතේ බවයි සඳහන් වන්නේ.

ඒ අනුව තක්කාලි කිලෝවක් රුපියල් 160- 200 අතර මිලකටත්, වම්බටු රුපියල් 80-100 අතර මිලකටත්, කැරට් රුපියල් 50-70 අතර මිලකටත්, බෝංචි රුපියල් 150 -200ත් අතර මිලකටත් අලෙවි වී තිබෙනවා.

එමෙන්ම මාළු මිරිස් රුපියල් 240-300 අතර මිලකටත්, අමුමිරිස් රුපියල් 250-300 අතර මිලකටත්, කැකිරි රුපියල් 25-30 අතර මිලකටත්, පිපිඤ්ඤා රුපියල් 25-30 අතර මිලකටත්, වට්ටක්කා රුපියල් 80-100 අතර මිලකටත් මෑ කරල් රුපියල් 100-120 අතර මිලකටත්, ගෝවා රුපියල් 50-70 අතර මිලකටත්, ලීක්ස් රුපියල් 140-160ත් අතර මිලකටත් අලෙවි වන බවයි සඳහන් වන්නේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us