අලුත් වන මත්පැන් බලපත්‍රයට හිඟ බදු ගෙවීම අනිවාර්ය කෙරේ

Published in පුවත්
Friday, 25 October 2024 11:34

මත්පැන් බලපත්‍ර අලුත් කිරීම සඳහා බදු නිෂ්කාශන සහතික ලබා ගැනීමේදී අදාළ බලපත්‍රලාභියා විසින් අයදුම්පත ඉදිරිපත් කිරීමට පෙර සියලු හිඟ බදු නිරවුල් කිරීමට අවශ්‍ය පියවර ගතයුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

යම් කාල පරිච්ඡේදයකට අදාළව ගෙවිය යුතු බද්දක් නොමැතිනම්, එයට හේතු ද අයැදුම්පතෙහි සඳහන් කළ යුතු බවද එම දෙපාර්තමේන්තුව කියයි. මත්පැන් බලපත්‍ර අලුත් කිරීම සඳහා බදු නිශ්කාෂණ සහතික ලබා ගැනීමේදී 2023/24 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තාව භාරදී එම වාර්තාව අනුව බද්ද ගෙවා තිබිය යුතු බවත්, 2024/25 තක්සේරු වර්ෂයේ පළමුවැනි හා දෙවැනි කාර්තු සදහා ස්වයං තක්සේරු මත කරනු ලබන ගෙවීම් කර තිබිය යුතු බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම, මේ වසරේ සැප්තැම්බර් මස 30 වැනිදායින් අවසන් වන කාර්තුව දක්වා වන කාර්තු සඳහා වාර්තා භාරදී එම වාර්තා අනුව එකතු කළ අගය මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ගෙවා බදු නිශ්කාෂණ සහතිකය ලබා ගන්නා දිනය වනවිට පියවිය යුතු මාසික ගෙවීම් ගෙවා අවසන් කර තිබියයුතු බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියයි.

-p.m

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us