ආඝාත රෝගීන්ගේ වාර්තා වීම ඉහළට

Published in පුවත්
Thursday, 24 October 2024 13:16

වර්තමානය වන විට ආඝාත රෝගීන්ගේ වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ගාමිණි පතිරණ සඳහන් කළේ, මේ වන විට සෑම පුද්ගලයින් සිව්දෙනෙකුගෙන්ම එක් අයෙකුට ජීවිත කාලය තුළ ආඝාතය වැළදීමේ ප්‍රවණතාවක් පවතින බවය.

ලබන 29 වන දිනට යෙදී ඇති ලෝක ආඝාත දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ජාතික ආඝාත සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ගාමිණි පතිරණ මෙම අදහස් පළ කළේය.

"සෑම 4 දෙනෙකුගෙන් එක් අයෙකුටම තමන්ගේ ජීවිත කාලය තුළ, ආඝාතය වැලඳීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ආඝාතය කියන්නේ දරුණු රෝගී තත්ත්වයක්. එම රෝගයේ කිසිම දැනුම්දීමක් නෑ. හොඳට ඉඳලා ඊළඟ මොහොතේ එක පාරට එනවා. මට රෝගීන් කියනවා, බයිසිකලය පැදගෙන ගියා එක පාරටම බැලන්ස් එක නැතිවුණා කකුල තියාගන්න උත්සාහ කරද්දි එහෙමම වැටුණා කියනවා. නැගිටින්නත් බෑ ඊට පස්සේ හොස්පිටල් එකට ගෙනාවා කියනවා. කිසිම දැනුම්දීමක් නෑ. හොඳට ඉඳලා ඊළඟ මොහොතේ එනවා. ආඝාතන තමා ලෝකයේ බොහෝ රටවල තුන්වන සහ පස්වෙන ස්ථාන අතර පවතින මියයෑමේ ප්‍රධාන හේතු අතර ආඝාතය සෑදුණු රෝගීන්ගෙන් 90%ක් දෙනෙකුගෙන් වළක්වාගත හැකිව තිබූ කාරණා 10ක් තියෙනවා. ආඝාතය ගැන දැනුවත් නම් එය වැලඳීමේ හැකියාව අඩුයි."

ආඝාත රෝගය වැළදීමට බලපාන ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් ද එම මාධ්‍ය හමුවේදී ස්නායූ රෝග විශේෂඥ වෛද්‍ය සුරංගි සෝමරත්න මෙසේ පැහැදිලි කළාය.

-p.m

"ප්‍රධාන වශයෙන් අධි රුධිර පීඩනය, දියවැඩියාව, ව්‍යායාම අඩු බව, දුම් පානය, අධික මත්පැන් භාවිතය, ක්ලොස්ට්‍රෝල් මට්ටම වැඩි බව, මානසික ආතතිය, තරබාරුකම සහ හෘද රෝගයේ ස්පන්දන වෙනස්කම් දක්වා තිබේ. ආඝාතයට 50%ක් වගේ බලපාන්නේ අධි රුධිර පීඩනය. සෑම ආඝාත රෝගීන් 5 දෙනෙක් ගත්තහම එක් අයෙකුට දියවැඩියවා තියෙනවා. ලෝකයේ ආඝාතයෙන් වසරකට ඇති වෙන ආඝාත තත්ත්වයනේ මිලියනකට පමණ හේතුවෙන්නේ ව්‍යායාම මද බව. නිතිපතා ව්‍යායාමවල යෙදෙනවා නම් ආඝාතයට තුඩු දෙන කරුණු අඩු කරගන්න පුළුවන්."

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us