ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක්

Published in පුවත්
Thursday, 24 October 2024 12:32

නිල්වලා ගංඟා ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවල ස්ථාන කිහිපයකට අද (24) අළුයම දී සැලකියයුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ සම්බන්ධයෙන් නිවේනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ, මිලිමීටර 100කට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් නිල්වලා ගංඟා ද්‍රෝණියේ සුළු ගංවතුර තත්ත්වයක් වර්ධනය වී ඇත.

මේ පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් වාර්මාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියේ, එම දෙපාර්තමේන්තුව මගින් නඩත්තු කරගෙන යනු ලබන පානදුගම ජල මාපකයේ මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් වර්ධනය වී ඇති බවයි. 

අද (24) දිනය තුළදී සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණහොත් මෙම තත්ත්වය වර්ධන වීමේ අවදානමක් තිබෙන බව වාර්මාර්ග දෙපාර්තමෙන්තුව පෙන්වා දෙයි.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව මගින් නිල්වලා ගංඟා ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව පගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකිය.

මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us