රනිල්ගේ ආර්ථික දර්ශනය අනාගතයටත් ගැළපෙනවා – සුගීෂ්වර බණ්ඩාර

Published in පුවත්
Wednesday, 23 October 2024 10:33

රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයේ දී පරාජය වුණත් දූරදර්ශී පරිණත නායකයකු වන ඔහුගේ ආර්ථික දර්ශනය අප රටට එදාටත්, අදටත්, අනාගතයටත් ගැළපෙන බව තමන් එඩිතරව ප්‍රකාශ කරන්නේ යැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්‍ෂක සුගීෂ්වර බණ්ඩාර මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවැසුවේ මහරගම පැවති මාධ්‍ය හමුවකදීය.

වැඩිදුරටත් ඔහු මෙසේ ද කීවේය. ඇත්ත වශයෙන්ම මට ආඩම්බරයි. ඉතාමත් පරිණත දේශපාලන නායකයකුගේ උපදෙස් මත දේශපාලනයට ප්‍රවිෂ්ට වීම ගැන. අපේ රටේ ආර්ථික සැලැස්ම පිළිබඳව දිගු කාලීනව සිතපු නායකයෙක් තමයි රනිල් වික්‍රමසිංහ මහතා. මගේ විශ්වාසයක් තමයි නව රජයත් ක්‍රියාකරන්න හදන්නේ ඒ සැලැස්ම ම තමයි කියන එක. කෙසේ නමුත් නව රජයේ අභ්‍යන්තරය තුළ පරිණත, උගත්, පරිපාලනය පිළිබඳව අවබෝධය ලත් පිරිසක් නොමැති නිසා රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නොහැකිව ඇතැයි මා විශ්වාස කරනවා.

මේ ආණ්ඩුවේ අය පසුගිය කාලයේ දුන් පොරොන්දු කිසිවක් මෙතෙක් ඉටු කර නෑ. ජනතාව අද ජීවත් වන්නේ දැඩි පීඩන මධ්‍යයේයි. බොරු පොරොන්දු දීම නිසා තව තවත් ජනතාව පීඩනයකට පත්වෙනවා.

නව ව්‍යවසායකත්වයක් වර්ධනය කරමින් කොළඹ නගරයේ කැළිකසළ ප්‍රශ්නය, පැල්පත් ප්‍රශ්නය, කුඩා වැස්සටත් යටවෙන ස්ථානයට අදාළ ජල ප්‍රශ්නය වැනි ගැටලු වහාම විසඳීමට මා ඉදිරියේ දී අපේක්‍ෂා කරනවා. කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ජනතාවගේ ප්‍රශ්න විසඳීමට තමා අපේක්‍ෂා කරනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් වන සියලුම ජනතාවගේ, දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ව්‍යාපාරික, කෘෂි කාර්මික, සංස්කෘතික සමාජ සුබසාධන හා යටිතල පහසුකම් ආදී සියලුම ප්‍රශ්න සඳහා විසඳුම් ලබාදීමට ඉදිරියේ දී මැතිවරණයෙන් පසුව මා කටයුතු කරනවා.

-p.m

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us