කාර්මික නිෂ්පාදන දර්ශකය ඉහළ අගයක

Published in පුවත්
Tuesday, 15 October 2024 10:58

කාර්මික නිෂ්පාදන දර්ශකය මේ වසරේ අගෝස්තු මාසයේ දී පසුගිය වසරේ අගෝස්තු මාසයට වඩා සියයට 1.2ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, 2023 වසරේ අගෝස්තු මාසයේ 90.2ක් වූ කාර්මික නිෂ්පාදන දර්ශකය මේ වසරේ අගෝස්තු මාසයේ දී 91.3 දක්වා ඉහළ ගොස් ඇති බවය.

එහිදී ආහාර නිෂ්පාදනය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් බීම වර්ග සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනවල අඩුවීමක් මේ වසරේ අගෝස්තු මාසයේ දී පෙන්නුම් කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර ජුලී මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේ මෙරට නිල දරිද්‍රතා රේඛාව සුළු පහළ යාමක් වාර්තා වී තිබේ.

ජුලි මාසයේ රුපියල් 16,373ක් වූ දරිද්‍රතා රේඛාව අගෝස්තු මාසයේ දී රුපියල් 16,152ක් දක්වා අඩු වී ඇති බව සඳහන්ය.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එය 2023 වර්ෂයේ අගෝස්තු මාසයට සාපේක්ෂව ඉහළ යාමක් බවය.

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us