දරුවන් දසදහසකට උග්‍ර මන්දපෝෂණය - වැඩිම ගම්පහ

Published in පුවත්
Tuesday, 15 October 2024 10:52

වයස අවුරුදු පහට අඩු දරුවන් 10,323 දෙනෙකු උග්‍ර පෝෂණ ඌනතාවයෙන් පෙළෙන බව පෝෂණ මාසය නිමිත්තෙන් 2024 වර්ෂයට අදාළව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය මගින් නිකුත් කොට ඇති වාර්තාවේ සඳහන් වේ.

උග්‍ර පෝෂණ ඌනතාවයෙන් පෙළෙන වයස අවුරුදු පහට අඩු දරුවන් වැඩි ම පිරිසක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 994කි.

උග්‍ර පෝෂණ ඌනතාවයෙන් පෙළෙන දරුවන් 930ක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද, 629ක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ද, 622ක් නුවර දිස්ත්‍රික්කයෙන් ද, 619ක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද, වාර්තා වී ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

මෙරට වයස අවුරුදු පහට අඩු දරුවන් 25,269 දෙනෙකු මන්දපෝෂණ ඌනතාවයෙන් පෙළෙන බව ද මෙකී වාර්තාවේ සඳහන් වේ.

මන්දපෝෂණ ඌනතාවයෙන් පෙළෙන අවුරුදු පහට අඩු දරුවන් 2,550 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද වාර්තා වී ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ළමයින් සංඛ්‍යාව 2,245කි.

මහනුවර දිස්ත්‍රික්කයෙන් ළමයින් 1,578 දෙනෙකු සහ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ළමයින් 1,340 දෙනෙකු වාර්තා වී ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වේ.

එමෙන් ම, මෙරට අවුරුදු පහට අඩු වයසට සරිලන ලෙස බර අඩු දරුවන් 215,386 දෙනෙකු වාර්තා වී ඇති අතර මින් වැඩි ම දරුවන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 17,701කි.

වයසට සරිලන බර අඩු දරුවන් අතර 15,994ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද, 15,376ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් ද වාර්තා වී ඇත.

එමෙන් ම, මෙරට අවුරුදු 5ට අඩු වයසට සරිලන ලෙස උස අඩු දරුවන් 133,538 දෙනෙකු වාර්තා වී ඇති බැව් පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් නිකුත්කොට ඇති වාර්තාවේ සඳහන් වේ.

මින් වැඩි ම දරුවන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එම ළමයින් සංඛ්‍යාව 11,677කි.

වයසට සරිලන උස අඩු දරුවන් 10,177 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර නුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ළමයින් සංඛ්‍යාව 10,093 දෙනෙකි.

එමෙන් ම, අවුරුදු පහට අඩු අධි බර දරුවන් 6,223 දෙනකු වාර්තා වී ඇත.

-p.m

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us