නුවරඑළිය තැපැල් කාර්යාලය ගැන තීරණයක්

Published in පුවත්
Wednesday, 09 October 2024 16:55

වසර 130ක් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍ය විජිත හේරත් මහතා අද (09) පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 150 වන ලෝක තැපැල් දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදීය.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, නුවරඑළිය තැපැල් කාර්යාලය, එම ගොඩනැගිල්ල සහ එහි පරිශ්‍රය තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් භාවිත කරන බවය.  

නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල හෝටල් ව්‍යාපෘතියක් සඳහා පෞද්ගලික අංශයට පැවරීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ දැඩි කතාබහට ලක්වුණි.   

අමාත්‍ය විජිත හේරත් මහතා,

"නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පසුගිය කාලයේ බලහත්කාරයෙන් පවරා ගැනීමට තීන්දු ගත්තා. නව රජයේ නව ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති අනුව නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සහ එම භූමිය මින් ඉදිරියට තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් අපි වෙන් කරනවා. ඒ්ක වෙන කාටවත් ලබා දෙන්නේ නැහැ. ඒ සඳහා මෙතෙක් ගෙන ඇති තීන්දු තීරණ සියල්ල අපි අත්හිටුවනවා."

Last modified on Wednesday, 09 October 2024 17:05

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us