රන්ජන් මහමැතිවරණයට

Published in පුවත්
Wednesday, 09 October 2024 13:18

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක සිය නව දේශපාලන පක්ෂය වන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නිල වශයෙන් අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ආරම්භ කිරීමට නියමිතව තිබේ. 

මයික් ලකුණින් තරග කරන එම පක්ෂය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට පෙර සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට නියමිතව තිබෙ.

ජනාධිපති කාර්යාලයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් රන්ජන් රාමනායක මහතා කියා සිටියේ සිය ප්‍රජා අයිතියට අදාළ ලිපි ලේඛන කිහිපයක්  රැගෙන එන ලෙස තමාට ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇති බවයි.

“මම NPP නායකයින් ඇමතුවා. මගේ ප්‍රජා අයිතීන් ප්‍රතිෂ්ඨාපනය කරන ලෙස මා කළ ඉල්ලීමට ඔවුන් අවනත වුණා. මම අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා එක්කත් දුරකථනයෙන් කතා කළා.” ඔහු මාධ්‍යවේදීන් හමුවේ එහිදී කියා සිටියේය.

“මැතිවරණයට ඉදිරිපත් වීම තහනම් කරලා ඡන්ද අයිතියත් නැති කළා. මට ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් ඡන්ද පත්‍රිකාවක් ලැබුණා. ඒත් මම රටින් පිට හිටිය නිසා මට ඡන්දය දෙන්න බැරි වුණා.”

තම ප්‍රජා අයිතිය යළි ලබා දෙන්නේ නම් එන්පීපීයෙන් මහ මැතිවරණයට තරග කරන්නේ දැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රන්ජන් රාමනායක මහතා එහිදී කියා සිටියේ ඒ ගැන කිසිවක් කීමට තවමත් කල් වැඩි බවයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us