අදත් කාලගුණය අයහපත් ! නිකුත් කල නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්..

Published in පුවත්
Tuesday, 08 October 2024 10:54

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, මේ දිනවල දිවයිනට බලපෑ ඇති අන්තර් මෝසම හේතුවෙනි.

කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ, අන්තර් නිවර්තන අභිසාරි කලාපය ශ්‍රී ලංකාවට ඉහළින් නිර්මාණය වී ඇති බවය.

මේ අතර පවතින අධික වර්ෂාව හමුවේ, දිස්ත්‍රික්ක හතරක් සඳහා නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් බලාත්මකයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ සහ ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට සහ කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදියර දෙක යටතේ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කළ බවය.

ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු අදියරේ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණි.

-p.m

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us