ගැරඩ්යෙකු බසයට නගී - මගීන් කෑ මොරදී බසයේ වහල මත එල්ලේයි Featured

Published in පුවත්
Tuesday, 08 October 2024 10:10

කුරුණෑගල සිට මාවතගම මැටිබොක්ක දක්වා ඊයේ (7 වැනිදා) උදෑසන ගමන්ගත් පෞද්ගලික බසයක ගැරඬියකු සිටීම හේතුවෙන් මහත් කලබලකාරී තත්ත්වයක් ඇතිවීමේ පුවතක් වාර්තා වේ.

බසය ඊයේ උදෑසන අටට පමණ කුරුණෑගල ප්‍රධාන බස්නැවතුම් පොළෙන් ගමනාරම්භ කර සුළු මොහොතකින් බසයේ පිටුපස දොරටුව ආසන්නයේ ඇති අසුනක් යටින් ගැරඬියා මතුව ඇත.

ඊයේ කාර්යාල දිනයක් වූ බැවින් බසයේ අසුන්ගෙන සහ සිටගෙන විශාල පිරිසක් ගමන් කරමින් සිට ඇති අතර තමන් සිටි අසුන යටින් ගැරඬියා මතුවනු දුටු කාන්තාවක් ඉමහත් බියට පත්ව මහත් හඬින් ‘සර්පයෙක්.. සර්පයෙක්..’ යනුවෙන් කෑගසමින් අසුන මතට නැග ඇත.

මෙයින් කලබලයට පත් ගැරඬියාද ඉන් පසුව බසයේ සිටි මගීන් අතරින් ඉදිරිපස දෙසට ගමන් කරද්දී බසයේ සිටි මගීන් මරහඬ දෙමින් අසුන් මතට ගොඩවීමටත් වහලේ එල්ලීමටත් උත්සාහ ගෙන ඇත.

ගැරඬියා තමන් සිටින දෙසට එන බව දුටු රියැදුරාද කුරුණෑගල ඇත්කඳ විහාරස්ථානය ආසන්නයේ බසය නවතා එළියට පැන දිව තිබෙන අතර ,බියට පත්ව සිටි බසයේ සිටි සියලුම මගීන් බසයෙන් බැස තිබේ.

ඉන්පසුව බසයේ සිටි ගැරඬියා පිළිබඳව සොයා බැලුවත් පෙනෙන්නට නොසිටි බැවින් නැවත ගමන් ආරම්භ කළද එහි ගමන් කිරීමට බියවූ ඇතැමුන් වෙනත් බසයකින් යාමට පියවර ගෙන තිබිණි.

-p.m

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us