සැකයට, අප්‍රසාදයට හා ජනතා අගෞරවය ලක් වූ අපේක්‍ෂකයන්ට නාම යෝජනා දෙන්න එපා

Published in පුවත්
Sunday, 06 October 2024 16:31

සැකයට, අප්‍රසාදයට හා ජනතා අගෞරවය ලක්ව ඇති අපේක්‍ෂකයන් වෙත නාම යෝජනා ලබා දීමට ක්‍රියා නොකරනු ලෙස ඉල්ලමින් මාර්තු 12 ව්‍යාපාරයේ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය.

ශ්‍රී ලංකාව නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය හා බැඳී ගෙවී ගොස් ඇති කාලය වසර 93 කි. එලෙස ඉකුත්ව ගිය දේශපාලන හා මැතිවරණ ඉතිහාසයේ අප පවත්වා ඇති මැතිවරණ සංඛ්‍යාවද අනල්පය. ඒ අනුව, එකී ආදර්ශවත් ප්‍රජාතන්ත්‍රිය භාවිතය කදිමට අභ්‍යාස කරන ලද තීරණාත්මක ජන්ද විමසීමක් සේ සැළකිය හැකි ජනාධිපතිවරණ ජන්ද විමසීම පසුගිය සැප්තැම්බර් මස 21 වැනිදින නිමාවූයේ මෙරට වැසි අතිමහත් පුරවැසි ප්‍රජාවේ මෙන්ම විදෙස් නිරීක්ෂක බහුතරයක පැසසුම් මධ්‍යයේය. එවන් සඵලදායි මැතිවරණ සංස්කෘතියක් නිර්මාණය වූයේ සියලු මැතිවරණ පාර්ශවකරුවන්ගේ සුබවාදී දැක්මෙහි ප්‍රතිඵලයක් ලෙස බව මාර්තු 12 ව්‍යාපාරය ලෙස අපි අවධාරණය කිරීමට කැමැත්තෙමු.

එමෙන්ම මෙවන් සුපසන් මැතිවරණ පසුබිමක් නිර්මාණය කිරීමේ නොනිත් අපේක්ෂාවෙන් පසුවූ මාර්තු 12 ව්‍යාපාරය, තම තේමාව ලෙස කලකට පෙර තෝරාගත්තේද පිරිසිදු දේශපාලන සස්කෘතියක් නිර්මාණය කිරීම' යන කාලින තේමා පාඨය බව අපි ඉතා සතුටින් නැවත නැවතත් සිහි කිරීමට කැමැත්තෙමු.

එබැවින් ජන්දදායකයන්ගේ වරණය සඳහා ජනගත කිරීමට නියමිත තම අපේක්‍ෂක ලැයිස්තු සකස්කිරීමේදී පහත සඳහන් මූලික නිර්ණායක කෙරෙහි තම ප්‍රමුඛ අවධානය යොමුකරන ලෙස සියලු දේශපාලන පක්‍ෂ නායක කාරකාදීන්ගෙන් මෙන්ම ලේකම් හා ස්වාධින කණ්ඩායම් නායකත්වයෙන් මාර්තු 12 ව්‍යාපාරය ඉල්ලා සිටියි.

ඒ අනුව 2015 මාර්තු 12 වන දින දේශපාලන පක්ෂ සහ ඒවායේ නායකයින් සියලු දෙනා මාර්තු 12 ව්‍යාපාරය සකස් කළ නිර්ණායක 8කට එකඟතාවය පල කරමින් බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ දී අත්සන් තබා එකඟතාවය පල කරන ලදි.

එනයින් බලන කල 17 වන පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරා ගැනීම සඳහා පවත්වනු ලබන මෙම මැතිවරනය සඳහා නාමයෝජනා ලබා දීමේදී මාර්තු 12 නිර්ණායක වලට අනුගත වීම දේශපාලන පක්ෂ හමුවේ ඇති අත්හල නොහැකි වගකිමක් බව අප අවධාරණය කරන්නෙමු.

එමෙන්ම පාර්ලිමේන්තුවේ ප්‍රමුඛ වගකීම වන නීතී සම්පාදනය, රාජ්‍ය මූල්‍ය කළමණාකරණය සහ ප්‍රතිපත්ති සම්පාදනය වැනි වගකීම් දැරීමට ඇති හැකියාව හා දැනට අත්දැකීම් සහිත ජනතාවගේ අවශ්‍යතාවයන් පිළිබඳ සංවේදීභාවයක් සහිත පුද්ගලයන් කෙරෙහි සුවිශේෂි අවධානයක් යොමු කරන ලෙස අප ඉල්ලා සිටින්නෙමු. විශේෂයෙන්ම පුළුල් මහජන සංවාදයකින් අනතුරුව මාර්තු 12 ව්‍යාපාරය විසින් ජනගත කරන ලද නිර්ණායක වන අපාරධ වරදකට වරදකරුවෙකු නොවූ, අල්ලස හෝ දූෂණයෙන් තොර සමාජ විරෝධී ව්‍යාපාරයන්ගෙන් හෝ අයුතු මූල්‍ය ගිවිසුම් වලින් ප්‍රතිලාභ නොලබන ඡන්ද දායකයන්ට වඩා සමීප පරිසර හිතකාමි පුද්ගලයන්ට පමණක් නාමයෝජනා ලබා දීම කෙරෙහි සැලකිල්ල යොමු කළ යුතුය.

දැනටමත් ජනතාව සතු මුදල් අවභාවිත කොට හෝ වෙනත් සාපරාධි අපරාධ සඳහා අනුබලය ලබාදීම හේතුවෙන් යම් අධිකරණයක් මඟින් වැරදිකරුවෙක් බවට නම් කොට ඇති කිසිදු අපේක්‍ෂකයෙක් හට නාමයෝජනා ලබා නොදිමට වගබලා ගත යුතුය. (යම් අධිකරණ ක්‍රියාමාර්ගයක් සඳහා මුහුණදෙමින් සිටින අපේක්ෂකයෙක් වේද එවන් අපේක්‍ෂකයෙක් වෙත නාම යෝජනා ලබාදෙන්නේ නම් ඊට අදාළ පසුබිම රටවැසියන් වෙත තත්වාකාරයෙන් පැහැදිළි කරන ලෙස මෙහිලා සිහි කරන්නෙමු)

ඊට අමතර වශයෙන් තම නාම යෝජනා ලබාදීමේදී තරුණ සහ කාන්තා අපේක්‍ෂක - අපේක්ෂිකාවන් වෙත වැඩි ඉඩක් ලබාදීමේ අභිප්‍රායෙන් කටයුතු කරන ලෙස මාර්තු 12 ව්‍යාපාරය සියලු දේශපාලන පක්‍ෂ වෙතින් කාරුණිකව මෙමඟින් ඉල්ලා සිටිනු ලැබේ.

අනාගත ශ්‍රී ලංකාවේ දිශානතිය නිර්මාණය වනු ඇත්තේ පුරවැසියන් හට පිළිගත හැකි සුපිළිපන් මහජන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් අලුත් පාර්ලිමේන්තුවක් තුළින් පමණකි. එබැවින් අප මාර්තු 12 ව්‍යාපාරය ලෙස ඉහතින් කරනු ලබන කාරුණික අයැදුම කෙරෙහි සියලු දේශපාලන පක්‍ෂ සහ ස්වාධීන කණ්ඩායම් තම නිසි අවධානය යොමුකරනු ඇතැයි අපි තරයේ විශ්වාස කරන්නෙමු. කෙසේවෙතත් ඒ කෙරෙහි වන ප්‍රතිචාරය සාධනීය නොවන්නේ වුවද මෙරටේ පිරිසිදු දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා වන අපගේ උත්සහය අඛණ්ඩව ඉදිරියට ද පවත්වා ගෙන යනු ලබන බව දන්වනු කැමැත්තෙමු. එපමණක් නොව තම නාම යෝජනා පත්‍ර ඔස්සේ නුසුදුසු අපේක්‍ෂකයන් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන දේශපාලන පක්ෂ ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීමට ඉඩ ඇති බව මේ මොහොතේ අවධාරණය කරනු කැමැත්තෙමු.

අපේක්ෂකයින්ට නාමයෝජනා ලබාදීමේදී දේශපාලන පක්ෂ සළකා බැලීමට එකඟවූ පොදු නිර්ණායක - 2020

මේ වර්ථමාන දේශපාලන සංස්කෘතිය ක්‍රමයෙන් ඛාදනය වීම,නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම, දේශපාලන පක්ෂ සහ පුරවැසියන් තම වගකීම් දැරීමට අපොහොසත් වීම සහ ජනතාව කේන්ද්‍ර කරගත් මහජන රැස්වීම් වල විශ්ලේෂණාත්මක විවාද සහ සාකච්ඡා ක්‍රමයෙන් වැළලී යාම අවබෝධ කරගත් මාර්තු 12 ව්‍යාපාරය දැඩි අධිෂ්ඨානයකින් හා හෘදයාංගම කැපවීමකින් ,හ්‍රී ලංකාවේ යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමේහි ලා සිවිලි සංවිධාන හා අත්වැල් බැඳ ගත්තේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස, පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන සඳහා අපේක්ෂකයින් නම් කිරීමේ දී සියලු දේශපාලන පක්ෂ විසින් සළකා බැලිය යුතු ලෙස සිවිලි සංනිධාන මඟින් යෝජිත නිර්ණායක සඳහා 2020 මාර්තු 12 වන දින ජනතාවගේ අනුමැතිය ලැබිණ.

1. සමස්ථ ජන ප්‍රජාවට සංවේදී ගෝලීය දැක්මක් සහ දේශිය චින්තනයක් ඇති නීති හා ප්‍රතිපත්ති සම්පාදනයට සහ මූල්‍ය කළමනාකරණයට හැකියාව ඇති ප්‍රායෝගික පුද්ගලයෙකු වීම

2. අපරාධ වරදක් සඳහා සිරදඬුවමකට ලක්වූ හෝ අත්හිටවූ සිරදඬුවම්වලට ලක්වූවකු නොවිය යුතුයි.

3. අල්ලස් හෝ දූෂණ පිළිබඳ වරදකරුවෙකු නොවූ සමාජය පිළිගත් චරිතවත් අයෙකු විය යුතුයි. එමෙන්ම අල්ලස් හෝ දූෂණ පිළිබඳ චෝදනා ලැබූ අය ගැන පරීක්ෂාකාරී විය යුතුයි.

4. මද්‍යසාර, මත්ද්‍රව්‍ය, සූදු, කැසිනෝ, ගණිකා මඩම් ඇතුළු රටේ යහ පැවැත්මට හානිකර ව්‍යාපාර පවත්වාගෙන යන හෝ අතීතයේ එසේ නොකළ අයෙකු විය යුතුයි.

5. ජීව ආධාරක ව්‍යූහය විනාශ කරන පාරිසරික වශයෙන් හානිදායක වන ව්‍යාපාරවල යෙදුණු හෝ යෙදෙන අයෙකු නොවිය යුතුයි.

6. මහජන නියෝජිතයෙකු වන්නට පෙර රටට අගතිගාමී මූල්‍යමය ගිවිසුම් ඇතිකර ගත් සහ මහජන නියෝජිතයෙකුව සිටිමින් තම දේශපාලන බලය අයුතු ලෙස භාවිත කර රජය සමග මූල්‍යමය ගිවිසුම් ඇතිකර ගත් හෝ ගිවිසුමක පාර්ශ්වකරුවෙකු නොවන්නෙකු විය යුතුයි.

7. නාමයෝජනා ලබාදීමේදී කාන්තා සහ තරුණ නියෝජනය සඳහා ප්‍රමාණවත් අවස්ථා ලබාදීමට ක්‍රියා කළ යුතුයි.

8. ආගමික නායකයින් දේශපාලන භේදයකින් තොරව සමස්ත ජනතාවගේ ගෞරවය ලැබිය යුතු බැවින් ඔවුනට දේශපාලන පක්ෂ තුළින් නාම යෝජනා ලබා නොදිය යුතුයි.

ඉහත සඳහන් නාමයෝජනා නිර්ණායකයන් 2020 මාර්තු 12 දින දේශපාලන පක්ෂයන්ගේ සලකා බැලීම සඳහා මාර්තු 12 ව්‍යාපාරය සහ පුරවැසියන්ගේ සාමුහික ප්‍රයත්නයක් ලෙස බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඉදිරිපත් කරන ලදී.
--

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us