ජනගත කෙරුණු “මෛත්‍රීපාල සිරිසේන සිහින නොනිමිය”

Published in පුවත්
Sunday, 06 October 2024 16:17

ආචාර්ය ගංගා රාජිණී දිසානායක මහත්මිය විසින් රචිත “මෛත්‍රීපාල සිරිසේන සිහින නොනිමිය” ස්වයං ස්මරණීය නිල චරිතාපදාන කෘතිය එළිදැක්වීම සිදුකර තිබෙනවා.

ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී අදහස් දැක්වූ සිරිසේන, තමා ජනාධිපතිව සිටියදී සිදුවූ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කිසිදු සඳහනක් නොකිරීම ගැන කතාකළේය.

“මාව අපකීර්තියට පත්කිරීමට කැමති අය මේ පොතෙන් පාස්කු ප්‍රහාරය ගැන යමක් සොයාගැනීමට අපේක්ෂා කරන්න පුළුවන්. මම ඒ ගැන එක වචනයක්වත් ලියා නැත,හැ ”ඔහු පැවසීය.

පොත ලිවීමට වසර තුනක් ගත වූ බවත්, එය ශ්‍රී ලංකාවේ මුද්‍රණය කළ යුතුද යන්න පිළිබඳ කනස්සල්ලක් පැවැති බවත් ඔහු පැහැදිලි කළේය. “එනිසා එය විදේශයක මුද්‍රණය කර වසර පහක් පුරා ප්‍රකාශයට පත් නොවී තිබුණා” ඔහු වැඩිදුරටත් පැවසීය.

පොත එළිදැක්වීමට නියම වේලාව එනතුරු තමා බලාසිටි බවත්, නව පාලනය යටතේ පවතින දේශපාලන වාතාවරණය ඊට සුදුසු මොහොත බව හැඟුණු බවත් සිරිසේන වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ පොත අවුරුදු 03ක් ලිව්වා. ඒ ජනාධිපති ධුරය දරන කාලයේ. ඊට පස්සේ මේ පොත රටේ පැවති අර්බුද හමුවේ සහ පොතේ අභ්‍යන්තර කරුණු නිසා පොත මුද්‍රණය කිරීම පිළිබඳ කොතෙක් දුරට යහපත් වෙයිද යන ගැටලුවක් මතු වුණා. ඒ නිසා මේ පොත ලංකාවේ මුද්‍රණය වුණේ නැහැ. මේ පොත මුද්‍රණය වුණේ විදේශ රටක. විදේශ රටක මුද්‍රණය වෙලා ලංකාවට පොත ගෙනත් එළි දක්වන්නේ නැතුව දැන් අවුරුදු 05ක් වෙනවා.

සුදුසු කාලයක් එනකම් මේ පොත එළිදක්වන්න කටයුතු කළේ නැහැ. නමුත් දැන් අලුත් ආණ්ඩුව ආවට පස්සේ මේ පොත එළිදක්වන්න සුදුසු කාලය කියල මම හිතුවා. විශේෂයෙන්ම මාව දැන් අවුරුදු හතකට අටකට අසන්න කාලයක් බරපතල ලෙස මාව නින්දාවට අපහාසයට අසත්‍ය චෝදනාවකට ලක් කර අය බලනව ඇති මේ පොතේ මොනවද ලියල තියෙන්නෙ කියලා. නමුත් මම කියන්න කැමතියි මේ පොතේ පාස්කු ප්‍රහාරය ගැන වචනයක්වත් ලියවිලා නැහැ කියලා. නමුත් මේ පොතේ කරුණු තව තවත් දිගු කරලා ඉංග්‍රිීසි බසින් එළිදක්වන්න නියමිතයි. ඒ පොතේ මීට වඩා කරුණු දැනගන්න පුලුවන්කම ලැබෙනවා. එහි පාස්කු ප්‍රහාරය ගැනත් සදහන් කරලා තියෙනවා.

''පාස්කු ප්‍රහාරය මම සම්බන්ධයි. මම දැනුවත්වයි වුණේ. මේ විදියේ දේවල් මෙයා රටට කලා. රට ගැන හිතුවේ නෑ. මිනිස්සු ගැන හිතුවේ නැහැ. ජනතාව ගැන හිතුවේ නෑ. අසරණ මිනිස්සු මැරෙනකම් බලාගෙන හිටියයි කියලා කියන අයට මං අද මෙතෙන්දි ඒක උත්තරයක් දෙනවා. ඒ තමයි මේ පිලිබද කිසියම් හෝ ආකාරයකට ඒ තොරතුරු ලැබීමක් මට තිබුණා නම් මේ පොතේ අද නම ලියැවෙන්නේ මෛත්‍රීපාල සිරිසේන සිහිනය නොනිමිය කියලා නෙවෙයි. මෛත්‍රීපාල සිරිසේන සිහිනය නිමිය කියලා.

මට සිහිනයක් තිබුණා. මට විශාල බලාපොරොත්තු රාශියක් තිබුණා. විශේෂයෙන්ම ඒ සිහිනය සැබෑ කරගන්න මට සිදු වුණේ නැහැ. මම 2017 ආණ්ඩුවෙන් එළියට ආවා. මම අවුරුදු පහකට මාස එකහමාරක් අඩුව ජනාධිපති ධුරයේ හිටියා. ඒ කාලය තුල මට තේරුම් ගියා මගේ දර්ශනය, මගේ චින්තනය මගේ ප්‍රතිපත්ති සැලසුම් රට ගැන ජනතාවට කිරිමට ඇති දේවල් වලට විශාල බාධාවක් තියෙනවා කියලා. ඒ බාධාව තුළ මට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නැහැ. ඒ පාර්ලිමේන්තුවේ මට විපක්ෂය නැහැ. මම අවුරුදු පහකට මාස එකහමාරක් අඩුවෙන් ජනාධිපතිධූරය කළේ මට පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් නැතුව විපක්ෂයක් නැතුව.
මම දන්නැ ලෝකයේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්ට එහෙම කරන්න පුලුවන් ද කියලා. නමුත් මම ඒ කාර්යය ඉතා පහසුවෙන් කළා. මගේ සිහිනය මට සැබැ කරගන්න තිබුණා සැබැ ලෙසම පාස්කු ප්‍රහාරය සිදු වුණේ නැත්තම්. පාස්කු ප්‍රහාරය සිදුවිම නිසා මට නොනිමිය සිහිනය කියලා මේ පොත නිකුත් කරන්න මට සිද්ධ වුණා.

- රන්ජනා සෙව්වන්දි

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us