රනිල් ජනාධිපති සමයේ පනත් 167 ක් සම්මත කරලා   Featured

Published in පුවත්
Tuesday, 01 October 2024 19:00

2020 අගෝස්තු 20 වනදා රැස්වීම් ආරම්භ වී 2024 සැප්තැම්බර් 24 වනදා මධ්‍යම රාත්‍රියේ විසුරුවා හරිනු ලැබූ 9වන පාර්ලිමේන්තු කාලසීමාව තුළදී පනත් 167ක් සම්මතවී ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කරයි.

රජයේ පනත් 146 ක් සහ පෞද්ගලික මන්ත්‍රී පනත් 21ක් ලෙස අදාළ පනත් 167 සම්මතවී ඇත.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ, අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා / අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩබලන) එම්. ජයලත් පෙරේරා මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම්දී තිබේ.

 

 වර්ෂය ‍   රජයේ පනත්  පෞ. මන්ත්‍රී පනත්
 2020  07  00
 2021  30  00
 2022  44  02
 2023  29  05
 2024 36 14
මුළු ගණන  146  21

 

මෙලෙස සම්මතවූ පනත් අතරින් විශේෂ පනත් කිහිපයක් පහතින් දැක්වෙයි.

*2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනත.

*2023 අංක 6 දරන පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත.

*2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත.

*2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත.

*2023 අංක 21 දරන මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත.

*2023 අංක 28 දරන දූෂණ විරෝධී (සංශෝධන) පනත.

*2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත.

*2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත

*2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත.

*2024 අංක 37 දරන කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත.

*2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත.

*2024 අංක 45 දරන ආර්ථික පරිවර්තන පනත යන පනත.

මේ අතරින් සෘජුවම ආර්ථික ප්‍රතිසංස්කරණයන්ට අදාල පනත් 40 කට වැඩි ප්‍රමාණයක් සම්මත කිරීම සිදු කර ඇති බවත් පැවැසේ.

Last modified on Tuesday, 01 October 2024 19:01

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us