5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්නයට උත්තරයක් සොයා ගනී  

Published in පුවත්
Sunday, 29 September 2024 20:55

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වා ගැටලුකාරී ප්‍රශ්න තුනටම සියලු දරුවන්ට ලකුණු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ ඊට අදාළව පත්කෙරුණු විද්වත් කමිටුවේ නිර්දේශ මතය.

පසුගිය සැප්තැම්බර් 15 වනදා පැවැත්වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර සාකච්ඡා කෙරී ඇති බවට පසුගිය දිනවල ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවිය.

විභාග දෙපාර්තමේන්තුව සිද්ධිය පිළිබඳ කඩිනම් විමර්ශනයක් ඇරඹුවේ ඊට අදාළව මව්පියන්ගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමිනි.

ඒ අනුව පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රශ්න තුනකට සමාන ප්‍රශ්න ඇතුළත් ලේඛනයක් විභාගයට පෙර සාකච්ඡා කර ඇති අතර එය විභාගයට පෙර දින සමාජ මාධ්‍යයේ සංසරණය වී ඇති බව සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණ වී තිබුණි.

විභාග දෙපාර්තමේන්තුව මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේ ඉන් අනතුරුවය.

සමාජ මාධ්‍යයේ සංසරණය වූ ලේඛනය විභාගයට පෙර සාකච්ඡා කර ඇති අතර විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් විභාගයට පෙර පිටවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය පරීක්ෂණවල අතුරු වාර්තාවක් මගින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට තහවුරු කර තිබුණි.

සිද්ධියට අදාළව ගත යුතු වඩාත් සුදුසු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට දේශීය හා විදේශීය විශේෂඥ කමිටුවක් අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් පත්කෙරුණේ ඉන් පසුවය.

විභාගයට පෙර සාකච්ඡා වූ බවට හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනීසිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව එම කමිටුව නිර්දේශ කර ඇත.

එමෙන්ම ඔවුන් පෙන්වා දී ඇත්තේ විභාගය නැවත පැවැත්වීම ගුරුවරුන්ටත්, මව්පියන්ටත්, පාසල් පද්ධතියටත් දැඩි පීඩාවක් ගෙන දෙන බවය.

ඒ අනුව විද්වත් කමිටුවේ නිර්දේශ අනුව කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ කඩිනමින් ප්‍රශ්න පත්‍ර ඇගයීම් අප්‍රමාදව ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කරන බවය.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්,

Letter 2024.09

adaderana

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us