රාජ්‍ය ආයතන වාහනවලට රාජ්‍ය ලාංඡනය සහ ආයතන නාමය නැවතත්  

Published in පුවත්
Sunday, 29 September 2024 12:43

රාජ්‍ය ආයතනවලට අයත් වාහනවලට රාජ්‍ය ලාංඡනය යොදා එම අමාත්‍යාංශයේ, දෙපාර්තමේන්තුවේ හෝ ආයතනයේ නම යෙදවීමට අදාළ චක්‍රලේඛය යළි බලාත්මක කිරීමට රජය අවධානය යොමුකර තිබේ.

මේ සම්බන්ධයෙන් එවැනි අවධානයක් යොමුකර ඇත්තේ වාහන අවභාවිතය වැළැක්වීම සඳහා ය.

වාහනවලට රාජ්‍ය ලාංඡනය සහ අදාළ රාජ්‍ය ආයතනයේ නම යෙදීමේ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය නිකුත් කර ඇත්තේ 2002 වසරේදී ය. නමුත් මේ අනුව ක්‍රියාත්මක වීම නියමාකාරයෙන් සිදුව නොමැත.

එම චක්‍රලේඛය නිකුත්කර තිබුණේ රාජ්‍ය ලාංඡන යෙදීම සම්බන්ධයෙන් 1992 වසරේ නිකුත් කර තිබූ චක්‍රලේඛය සංශෝධනය කරමිනි.1992 වසරේ චක්‍රලේඛයෙන් උපදෙස් දී තිබී ඇත්තේ වාහන වලට රාජ්‍ය ලංඡනය යෙදීම සම්බන්ධයෙන් පමණි.

එම උපදෙස් ද නිසි ලෙස අනුගමනය කර නොමැති බව පෙනී ගොස් තිබෙන බව 2002 වසරේ නිකුත්කර තිබෙන චක්‍රලේඛයේ සඳහන් වෙයි. සංශෝධිත චක්‍රලේඛයෙන් උපදෙස් දී ඇත්තේ රාජ්‍ය ලාංඡනයට අමතරව අමාත්‍යාංශයේ, දෙපාර්තමේන්තුවේ හෝ ආයතනයේ නම ද සටහන් කරන ලෙස ය.

කොහොම නමුත් අසූව දශක තුළද මාණ්ඩලික ප්‍රධානින්ගේ පරිහරණයට අනුයුක්ත කරන වාහන වල සිට රජයේ සියළු වාහන වල රාජ්‍ය ලාංඡනය සහ ආයතන නාමය පින්තාරු කර තිබුණි.

මේ අතර රජයේ වාහන අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා යෙදවීමෙන් වළකින්නැයි රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි විසින් රජයේ ආයතන ප්‍රධානීන්ට විශේෂ චක්‍රලේඛයක් යවමින් උපදෙස්දී ඇත.

රජයේ වාහන භාවිතා කරන ප්‍රධානීන් කොළඹ පැවැත්වෙන විශේෂ සම්මන්ත්‍රණ වැඩමුළු සහ සාකච්ඡා සඳහා කැඳවීම සීමා කිරීමටද අමාත්‍යංශ ලේකම්වරයා ආයතන ප්‍රධානීන්ට දැනුම්දී ඇත.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us