දකුණු ආසියාවේ දැවැන්තම වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව ජනපති අතින් කුලියාපිටියේ දී විවෘත කෙරේ Featured

Published in පුවත්
Tuesday, 17 September 2024 20:17

මෙරට වාහන එකලස් කිරීමේ ක්ෂේත්‍රයේ සුවි‍ශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව අද (17) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි.


දකුණු ආසියාවේ දැවැන්තම වාහන එක්ලස් කිරීමේ කර්මාන්තශාලාව වන වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් කර්මාන්ත ශාලාව සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 27කි. මෙම කර්මාන්තශාලාවේ එකලස් කරන ලද පළමු වාහනය වන ආසන 15 ක මගී වෑන් රථයක් මෙම මාසය අවසානයේ වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතය.
ගෝලීය මෝටර් රථ විශේෂඥයින් විසින් නිර්මාණය කර ඇති ඉහළම මට්ටමේ ජාත්‍යන්තර යන්ත්‍රෝපකරණ වලින් සමන්විත මෙම කර්මාන්තශාලාව මඟින් තරුණ තරුණියන්ට සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා රැසක් නිර්මාණය කෙරේ. එසේම ගෝලීය කර්මාන්ත අවශ්‍යතාවලට අනුකූලව ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය පුහුණු ආයතනයක් ද මෙහි පවත්වාගෙන යන අතර මෙරට තරුණ තරුණියන්ට එම පුහුණුව මඟින් විදේශ රැකියාවන් සඳහා යොමුවීමට අවස්ථාව සැලසෙනු ඇත.
අද පස්වරුවේ කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමරු ඵලකය නිරාවරණය කර කර්මාන්ත ශාලාව විවෘත කළේය.
අනතුරුව එහි නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමින් කාර්ය මණ්ඩලය සමඟ ද සුහද කතා බහක නිරත විය.
අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙරට ආර්ථිකය ශක්තිමත් කෙරෙන ව්‍යාපෘති විරෝධතා හමුවේ නතර කර දැමීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවයි.
වෙස්ටර්න් ඔටෝමොබයිල් කර්මාන්තශාලාවේ කටයුතු 2015 වසරේදී ආරම්භ වුවද එම කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් කිසිවෙකු සහාය ලබා නොදුන් බව ද ජනාධිපතිවරයා සිහිපත් කළේය.

තමා රට භාරගත්තේ රට දියුණු කෙරෙන සංවර්ධනය ව්‍යාපෘති ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට බව අවධාරණය කළ ජනාධිපතිවරයා වසර දෙකකින් නිම කිරීමට නියමිතව තිබූ මෙම ව්‍යාපෘතිය සඳහා වසර 10ක් ගත කිරීම නිසා මෙරට තරුණ තරුණියන්ට හිමිවීමට තිබු රැකියා අවස්ථා රැසක් අහිමි වූ බවද සඳහන් කළේය.
එසේම මෙම නව කර්මාන්ත ශාලාව මගින් කුලියාපිටිය ඇතුළු මුළු රටේම ආර්ථිකය ශක්තිමත් කෙරෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
අප මෙම කර්මාන්තශාලාව ආරම්භ කිරීම අනුමත කළේ 2015 වසරේදීයි. නමුත් එදා සිටම මීට විරුද්ධව විශාල විරෝධතා ගෙන ගියා. පාර්ලිමේනතුවේ පරීක්ෂණ කළා. අවසානයේ 2019 වසරේදී ආරම්භ කිරීමට තිබූ මෙම ව්‍යාපෘතිය කොවිඩ් සහ ආර්ථික අර්බුදය නිසා අතපසු වුණා.
මා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු මෙම ව්‍යාපෘති සියල්ල නැවත ආරම්භ කිරීමට තීරණය කළා. ඒ අනුව වෙස්ටර්න් ඔටෝමොබයිල් සමාගමේ වැඩකටයුතු අද ආරම්භ වී තිබෙනවා. මේ කර්මාන්තශාලාව මඟින් වර්ෂයකට වාහන 50,000ක් නිෂ්පාදනය කිරීමට හැකියාව තිබෙනවා. මේ සමග අපට අපේ අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කර ගත හැකියි.
මෙම කර්මාන්තශාලාව වසර දෙකකින් ආරම්භ කිරීමට නියමිතව වුවද මේ සඳහා අපට වසර 10ක කාලයක් ගත වුණා. බොහෝදෙනා උත්සාහ කළේ මෙයට විරුද්ධව කටයුතු කිරීමටයි. කිසිවෙක් පක්ෂව වැඩකටයුතු කිරීමට උත්සාහ කළේ නැහැ. ඒ සියලුදෙනා උත්සාහ කළේ මම ව්‍යාපෘතිය නතර කර දැමීමටයි. මෙම කර්මාන්තශාලාව තුළින් රැකියා අවස්ථා උදාකර ගැනීමට තිබු අවස්ථා අප අහිමි කරගත්තා. ඉදිරියට එවැනි තත්ත්වයක් ඇතිවීමට මම ඉඩ දෙන්නේ නැහැ.
මම මේ රට භාරගෙන ඉදිරියට ගෙන යන්නේ මෙම වැඩසටහන් නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමටයි. මෙම කර්මාන්තශාලාව කුලියාපිටිය දියුණුවේ එක කොටසක් බව කිවයුතුයි. මේ සමඟ කුලියාපිටිය දියුණුව ආරම්භ වෙනවා. අප බිංගිරියේ අක්කර දහසක ආයෝජන කලාපයක් ඇති කරනවා. ඒ වගේම සංචාරක කලාපයක් වෙනුවෙන් ඉරණවිල ප්‍රදේශයේ අක්කර 500ක් වෙන් කර තිබෙනවා. ඒ අනුව සංචාරක සහ නිෂ්පාදන කලාපයක් මෙම ප්‍රදේශවලට ලැබෙනවා.
මෙම නව රැකියා අවස්ථා සමග පුහුණු පිරිස් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඉංජිනේරුවන් සංඛ්‍යාව වැඩි කර ගැනීමටත්, පුහුණු පිරිස වැඩිකර ගැනීමටත් අප බලාපොරොත්තු වෙනවා. අප කුරුණෑගල විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය ඇති කරනවා. 21 වන ශතවර්ෂයේ මැද භාගයට අප ගමන් කළ යුතුයි. එය අතහැර යාමට හැකියාවක් නැහැ.
අද චීන සමාගම් මෙම අයෝජන සඳහා පැමිණ සිටින අයුරින් යුරෝපා සමාගම්ද ඉදිරියේ දි මෙහි පැමිණෙනවා. ඔවුන් සිටින්නේ අප නිල වශයෙන් බංකොලොත්භාවයෙන් නිදහස් වන තුරුයි. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ මෙරටට ණය ලබාදුන් රටවල් 18 සමග සාකච්ඡා කර තිබෙනවා. අප දැන් පුද්ගලික බැදුම්කරුවන් සමඟ අවසාන වටයේ සාකච්ඡාවල නිරත වෙනවා. එම එකඟතා අනුව අප ඉදිරියට යනවා.

මම උත්සාහ කරන්නේ වයඹ විශාල දියුණුවක් ඇති කිරීම සඳහායි. ගම්පහ දියුණු කළ අන්දමින් අප වයඹ එම දියුණුව ඇති කරනවා. එහි ආරම්භයක් ලෙස මම කර්මාන්තශාලාව හදුන්වා දිය හැකියි. සියලුදෙනාට ස්තූතිවන්ත වෙමින් මෙම සමාගම මඟින් අපේ රටේ ආර්ථිකයට ශක්තියක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

WhatsApp Image 2024 09 17 at 18.45.32 53615e69

WhatsApp Image 2024 09 17 at 18.45.33 33a6132a

WhatsApp Image 2024 09 17 at 18.45.36 d0ec0024

WhatsApp Image 2024 09 17 at 18.45.35 20b12e04

WhatsApp Image 2024 09 17 at 18.45.36 a9f62ab4

Leave a comment

 

ld add copy

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us