තරගය තියෙන්නෙ අපි දෙන්නා අතර. එන්න විවාදයට. ජනපති අනුරට යළිත් අභියෝග කරයි.

Published in පුවත්
Tuesday, 17 September 2024 18:57

අනුර කුමාර දිසානායක විවාදයකට කළ අභියෝගයට තමා සුදනම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

 

වැල්ලවායේ පැවැති ජනරැලියක් අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මේ ජනාධිපතිවරණයේ ප්‍රධානතම ප්‍රතිවාදීන් දෙදෙනා තමන් සහ අනුර දිසානායක බවත් සෙසු කිසිවෙකුගේ විවාදවලින් රටට ඇති ප්‍රයෝජනයක් නැති බවත්ය.

රටේ ජනතාවට අවශ්‍ය වන්නේ විහිළුකාරයෙක් පත්කර ගැනීම නොවන බව පැවසූ ජනාධිපතිවරයා මේ මොහොතේ ජනතාව අතර සිටින ප්‍රධානතම අපේක්ෂකයින් දෙදෙනා පමණක් අදාළ විවාදයට සහභාගි විය යුතු බවද පැවසීය.

එබැවින්,ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කිරීමට මත්තෙන් තමන් අනුර දිසානායක සමග සංවාද කිරීමට සූදානම් බවද ජනාධිපතිවරයා පැවසීය.

තැන තැන කරනු ලබන ප්‍රකාශ වලින් වැඩක් නැති බවත් හිටිවන කවි මඩු මෙන් තැන තැන කියවීමෙන් පලක් නැති බවත් එක තැනක සිට අදාළ සංවාදය කළ යුතු බවත් පසුගියදා ආනමඩුවේදී අනුර දිසානායක මහතා ද පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us