මහා සංඝරත්නය රනිල් වෙනුවෙන් නාමල් ගෙන් ඉල්ලීමක් කරයි Featured

Published in පුවත්
Monday, 16 September 2024 20:46

නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති ධුර අපේක්ෂත්වයෙන් ඉවත්කර එම පාර්ශ්වයේ සහායත් ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන මෙන් පූජ්‍ය දොඩම්පහල රාහුල හිමියන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් අද ඉල්ලීමක් සිදු කර තිබේ. 

ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සඟ සමුළුවක් අද 16 පස්වරුවේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැත්වු අවස්ථාවේ පූජ්‍ය දොඩම්පහල රාහුල හිමියන් මෙලෙස පවසා තිබේ. 

එහිදී අදහද් දැක්වූ නාරාහේන්පිට අභයාරාමාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි,

"මේ රට ගෙනියන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ කියන එක මම ඕනෑම තැනක කියනවා."

පූජ්‍ය දොඩම්පහල රාහුල හිමි,

"අනේ අපේ පුතානෝලා සර්ලා ඔබලා දෙන ඔය අනුග්‍රහය සමහරක් වෙලාවට අනියම් හෝ නියම් වශයෙන් හෝ වෙනපැත්තකට ඔය අර අදින්නේ රනිල් සර්ට විරුද්ධව යැවෙනවා නම් මේ රටේ සෑබෑ දහමට, ආරක්ෂාවට, භාෂාවට යැවෙනවා නම් ඔබතුමන්ලා දෙපාරක් තුන්පාරක් සිතත්තවා. මගේ රටේ 2009 විජයග්‍රාහී ජයග්‍රහණය අරන්දීලා අභය දීපු මහින්ද රාජපක්ෂ ශ්‍රීමතානනී ඔබගේ පිළිරූ හදලා මේ මිනිස්සු වදී මේ මොහොතේදී හරි පුත්‍රයා ගෙන්නලා කරුණාකර, කොල්ලෝ අයින්වෙයන් කියලා මේක ගෙනියන්න ඉඩ දෙන්න කියන්න. මේ ඡන්ද ටික එකට එකතු කරන්න. ඔබ සැබෑ නායකයෙක් නම් දේශප්‍රේමියෙක් නම් මේ රටට සැබෑ ආදරේ නම් මේ මොහොතේ ඒක කරලා.. කොල්ලො මේ වෙලාවේ අයින් වෙයන් කියන්නේ. නාමල් පුතේ ඔයාට නිසි අවස්ථාව ආවාහම එදාටත් රාහුල හමුදුරුවෝ එතන ඉන්නවා. ඔබ තව ගොඩ නැගෙන්න ඕනේ."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us