ජනපතිවරණය විශ්වසනීයභාවයෙන් පැවැත්වීමට සූදානම්....

Published in පුවත්
Saturday, 14 September 2024 11:43

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම, නිදහස්, සාධාරණ හා විශ්වසනීයභාවයෙන් යුතුව පැවැත්විම සඳහා සියලු විධි විධාන යොදා ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඊට අදාලව ව්‍යවස්ථාපිතව කළ යුතු කාර්යයන් පිළිබඳ චක්‍රලේඛ, උපදෙස්, නියෝග කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කර ඇති බවයි.

කෙසේ වෙතත් කොමිෂන් සභාවේ වර්තමාන උපදෙස්වලට පරිබාහිරව විවිධ පුද්ගලයින් හා සංවිධාන, ඡන්ද විමසීම් ක්‍රියාවලියට අදාලව එනම්, සලකුණු කරන ආකාරය, මනාප ගණන් කරන ආකාරය,  මැතිවරණ නීති බලාත්මක කිරීම, ප්‍රචාරණ කටයුතු හා වෙනත් පරිපාලනමය කාර්යයන් සම්බන්ධයෙන් වරින්වර කරනු ලබන ප්‍රකාශ හා මත, ප්‍රචාරය වන බවට නිරීක්ෂණය වන බව එහි දැක්වෙයි.

ඒවා මැතිවරණ කොමිෂන් සභාවේ නිල නිවේදන නොවන බවත් එවැනි කිසිදු ප්‍රකාශයක, නිල වලංගුතාවක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් වගකීමක් නොමැති බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවධාරණය කළේ ය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us