21 වෙනිදා රනිල් නැවත වරක් ජනපති වෙනවා - මනුෂ

Published in පුවත්
Saturday, 14 September 2024 10:23

ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ ආණ්ඩුවක් බලයට පත්වේ යැයි ඇතිව තිබෙන බොරු රැල්ලට බය වෙලා පසුගිය දින කිහිපයේදී ජනතාව රුපියල් බිලියන 4ක කැරලි කෝලහාල රක්ෂණ කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, එම බොරු රැල්ලට බිය නොවන ලෙස මනුෂ නානායක්කාර මහතා පවසනවා.

ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ගෑස් සිලින්ඩරය ලකුණින් ජනාධිපතිවරණයට තරඟ කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය සහතික කිරීම සඳහා බෙන්තොට ප්‍රදේශයේ ඊයේ සවස පැවති කුඩා කණ්ඩායම් ජන හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා

දැන් එක පැත්තකින් කොටස් වෙළදපොල දවසින් දවස කඩාගෙන වැටෙනවා. කොටස් වෙළදපොලේ ආයෝජනය කරලා තියෙන අය කොටස් වෙළදපොලෙන් සල්ලි ගන්නවා. බැංකුවල සල්ලි දාලා තියෙන අය බැංකුවලින් සල්ලි ගන්නවා. පුලුවන්කමක් තියෙන අයගේ දරුවෝ වෙනත් රටවලට යවනවා.

එනවා කියන බොරු රැල්ලට බය වෙලා තමයි මෙහෙම වෙන්නේ.

බැදුම්කර වල මුදල් ආයෝජනය කරලා තියෙන අය ඒවා විකුණන්න හදනවා කියලා බ්ලූම්බර්ග් ආයතනය කියලා තියෙනවා. රක්ෂණ සමාගමකින් මට දැන් ටිකකට කලින් තොරතුරක් ලැබුණා. ඒ සමාගමේ අලුතින් බිලියන 4ක රක්ෂණ කරලාතියෙනවා. කැරලි කෝලහාල ඇතිවෙන්න පුලුවන් කියලා බයවෙලා කැරලි කෝලහල රක්ෂණ දාලා තියෙනවා.

බය වෙලා මෙහෙම කරන්නේ. ඒත් ඔය බොරු රැලිවලට බය වෙන්න එපා. 21 වැනිදාට හැදෙන්නේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක්. ඒක මතක තියාගන්න. මේ බොරු රැලිවලට බය වෙන්න එපා.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us