තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අදයි

Published in පුවත්
Thursday, 05 September 2024 09:17

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (05) දිනයේත් සිදුකිරීමට නියමිතය.

ඊයේ (04) දිනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ආරම්භ වූ අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන්, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් සඳහා ඡන්දය ප්‍රකාශය කිරීමට එහිදි අවස්ථාව ලබා දී තිබුණි.

අද සහ හෙට (06) යන දෙදින තුළ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට සහ සෙසු සියලු රාජ්‍ය ආයතනවල කාර්යය මණ්ඩලවලට තැපැල් ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

එමෙන්ම ඊයේ දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ පොලිස් නිලධාරීන් සඳහා හෙට දිනයේ ද තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබේ.

අදාළ දිනයන්හි ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට ලබන 11 සහ 12 යන දෙදින තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී ඡන්දය සලකුණු කිරීමට හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

මේ අතර සමාජ මාධ්‍ය භාවිත කරමින් ඇතැම් පුද්ගලයින් ව්‍යාජ ලෙස තැපැල් ඡන්ද ප්‍රතිඵල බව පවසමින් තොරතුරු වාර්තා කිරීම පිළිබඳ පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පොලිස් දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේය.

"ප්‍රතිඵල නිකුත් කරනවා සමහර සමාජ මාධ්‍යජාල. අපට ලැබිලා තියෙනවා පුද්ගලයෙකු දාපු පෝස්ට් එකක්. මේ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවටත් අදාළ තැන්වලටත් දැනුවත් කිරීම් සිදුකළා. මෙවැනි ව්‍යාජ ප්‍රතිඵල සඳහන් කිරීම, සාධාරණ මැතිවරණ කඩාකප්පල් කිරීම සඳහා චේතනාන්විතව කරන ක්‍රියාවක් කියලා තමයි පෙනි යන්නේ.

මේ තැපැල් ඡන්ද ගණන් කිරීම සිදුකරන්නේ සාමාන්‍ය ඡන්ද ගන්න කිරීම සිදුකරන දවසේ සැප්තැම්බර් 21 වනදා සවස 4න් පසුව තමයි. එම නිසා මහජනතාවට වැරදි මතයක් ගෙන යාමට කඩාකප්පල්කාරී ක්‍රියාවක් තමයි මේ සිදුකරන්නේ. ඔවුන් ඔවුන්ගේ අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමට වඩා එයට අගතියක් සිදුකිරීම තමයි කරන්නේ. එම නිසා මෙවැනි වැරදි තොරතුරු ජනගත කරන්න සමාජ මාධ්‍යජාල සහ මේ මත පදනම් වෙලා තමන්ගේ ප්‍රධාන ප්‍රවෘත්ති වලට මෙය භාවිත නොකරනු ඇති බව විශ්වාස කරනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට කටයුතු කරලා තියෙනවා."

-P.M

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us