පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වර්ෂාවක්

Published in පුවත්
Thursday, 05 September 2024 08:47

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 06 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.

ඒ අනුව අද (05) දහවල් 12:08 ට අහුන්ගල්ල, නෙළුව සහ යාල ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

-P.M

Leave a comment

 

ld add copy

Gossip

පොත ගිනි තබනු..නැතිනම් මරා දමනවා.. ජවිපෙ මාධ්‍ය දඩයම එතරම් බලවත්ද ?

පොත ගිනි තබනු..නැතිනම් මරා දමනවා.. ජවිපෙ මාධ්‍ය දඩයම එතරම් බලවත්ද ?

දිවයින පුවත් පතෙහි ජේෂ්ඨ මාධ්‍යවේදී මාධ්‍යවේදී එරික් ගාමිණී ජිනප්‍රියගේ විසින් රචිත 'NPP කතාව සහ JVP...

කිරිඇල්ලගේ දුවට තැනක් දෙන්න, වසන්ත යාපාව පන්නයි.

කිරිඇල්ලගේ දුවට තැනක් දෙන්න, වසන්ත යාපාව පන්නයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සිට සමගි ජන සන්ධානයට එක්වූ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ...

 හොරු අල්ලනවා කිව්වට, අනුරව හොරු අල්ලලා ඉවරයි.   

 හොරු අල්ලනවා කිව්වට, අනුරව හොරු අල්ලලා ඉවරයි.  

පසුගියදා පැවැති ජාතික ජන බලවේගයේ කලාකරුවන්ගේ සමුළුවේදී කූප්‍රකට එතනෝල් ජාවාරම්කරු ජයලත් ක්‍රිෂාන් පී...

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us