මිල කළ නොහැකි දුර්ලභ මැණික් විශේෂයකින් නිපදවන ලද ඇත් පන්තිය විකුණා ගැනීමට රජයේ සහය පතයි

Published in පුවත්
Tuesday, 03 September 2024 13:48

මිල කළ නොහැකි බව පැවසෙන ලෝකයේ දුර්ලභ මැණික් විශේෂයකින් නිපදවන ලද බව කියන කිලෝ 120ක් බරැති ඇතෙක් ඇතුළු එවැනිම ඇතුන් 15 දෙනෙකු, කිලෝ 95ක් බරැති මැණික් ආරුක්කුව විකුණා ගැනීමට ජාත්‍යන්තර වෙළෙඳපොළක් සකස් කරගැනීමට රජයේ සහය ලබාදෙන ලෙස මැණික් ව්‍යාපාරිකයෙක් වන රුක්ෂාන් රණවීර මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පවසයි.

මෙම මැණික් ඇත් පන්තිය සහ ආරුක්කුව 16 වැනි ශත වර්ෂයේදී ඉන්දියාවෙන් මෙරටට රැගෙන ආ බවට තොරතුරු ලැබී ඇති බවද හෙතෙම පවසයි.

මෙම අධි වටිනාකමකින් යුත් ඇත් පන්තිය විදෙස් වෙළෙඳපොළට යොමුකර ජාත්‍යන්තරයේ අලෙවි කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන ඇති බවත් ඒ මහතා පවසයි.

සර්පන්ටයින් විශේෂයට අයත් මෙතෙක් හමුනොවූ දුර්ලභ මැණික් විශේෂයකින් නිෂ්පාදනය කර ඇති මෙම ඇත් පන්තියේ සහ මැග්නීසියම් ඔක්සයිඩ් 51.1.5ක් අන්තර්ගත බවට වාර්තා ඇති බව ඒ මහතා පවසයි.

එමෙන්ම එකී මැණික් වර්ගයෙන් නිපද වූ කිලෝ සියයකට අධික බරකින් යුත් එකම ඇත් නිර්මාණය මෙය බවට නිරීක්ෂණවලදී තහවුරුව ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම මැණික් විශේෂයෙන් නිපදවන ලද මෙවන් විශාල ඇතෙක් ලෝකයේ හමුව නොමැති බවද පවසන ඔහු මේ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදී ඉහළ මිලකට මෙය අලෙවි කරගැනීමට හැකිවුවහොත් ලංකාවේ ආර්ථිකයටද එය පිටිවහලක් වන බව රුක්ෂාන් මහතා සඳහන් කරයි.

- දිනමිණ 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us