තේ පොහොර සහනාධාරය ලබා දීම සඳහා රුපියල් මිලියන 2400ක්

Published in පුවත්
Monday, 26 August 2024 11:15

තේ පොහොර සහනාධාරය ලබා දීම සඳහා අවශ්‍ය සමස්ත මුදල වන රුපියල් මිලියන 2400ක් ශ්‍රී ලංකා තේ මණ්ඩලය ලබා දී ඇතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

කෘෂි කාර්ම අමාත්‍යංශය සඳහන් කළේ, තේ වගාව සඳහා අරඹන ලද පොහොර සහනාධාර වැඩසටහන පසුගිය සතියේ සිට ක්‍රියාත්මක බවයි .

රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන ලද පොහොර වර්ග 5ක මිල ගණන් මේ යටතේ රුපියල් 4000කින් අඩු කිරීමට පියවර ගෙන ඇතැයි කී කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා තේ නිෂ්පාදනය වැඩි කිරීමට නම් සියලුම තේ වගාවන්ට පොහොර යෙදීම අත්‍යවශ්‍ය බව සඳහන් කළේය

එයට හේතුව නම් වසර කිහිපයක් තිස්සේ තේ වගාවට පොහොර නොයෙදීම නිසා තේ අළු අස්වැන්න සීග්‍රයෙන් අවමවීම බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි .

මේ නිසා පසුගිය සතියේ සිට තේ පොහොර සහනාධාරය වශයෙන් කිලෝග්‍රෑම් 50ක තේ සඳහා යොදා ගන්නා පොහොර මල්ලක මිල රුපියල් 4000කින් අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.

මෙම පොහොර සහනාධාරය සැපයීම සඳහා වැයවන සමස්ත මුදල රුපියල් මිලියන 2400ක් බව පැවසේ .

මෙම විශාල මුදල රජයෙන් ලබා නොගෙන තේ වගාකරුවන්ට සහන සැළසීම සඳහා ලබා දීමට පියවර ගත් අතර එම සම්පූර්ණ මුදල ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මුදල් ප්‍රතිපාදන යොදාගනිමින් ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. 

රාජ්‍ය පොහොර සමාගම මේ වනවිට තේ වගාව සඳහා යොදා ගන්නා T 200, T 750, U 709, U 834, T 65 යන පොහොර වර්ග 05 හි මිල ගණන් අඩු කර තිබෙන බව සඳහන් වේ.

මේ වනවිට එම පොහොර මෙට්‍රික් ටොන් 5000ක් අලෙවි කර ඇති අතර තවත් මෙට්‍රික් ටොන් 10,000ක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සමාගම සතුව පවතින බව ඔවුන් පවසයි .

දැනට රාජ්‍ය පොහොර සමාගම සතුව පවතින තේ සඳහා වන මිශ්‍ර පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 815, 830ක් බව දැක්වේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා රාජ්‍ය පොහොර සමාගම පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us