සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරණ මත විමසුම් නතර කිරීමට අවධානය

Published in පුවත්
Monday, 26 August 2024 10:37

ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදු කරන මත විමසුම් සමීක්ෂණ නතර කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අවධානය යොමුකර ඇත.

ඒ අනුව, මේ සම්බන්ධව මේ සතියේ පැවැත්වෙන මැතිවරණ කොමිෂන් සභාවේදී සාකච්ඡා කිරීමට කටයුතු යොදා ඇතැයි එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසීය.

මෙම සමීක්ෂණ හේතුවෙන් ඇතැම් අපේක්ෂකයන්ට අගතියක් සිදුවන බවද සභාපතිවරයා කීවේය.

මෙම මත විමසුම් සිදුකරන්නන් කවුදැයි හඳුනා ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ දිනවල අධ්‍යයනයක්ද සිදු කරන බව ඔහු කීවේය.

එම අධ්‍යයනයේ තොරතුරුද ලබාගෙන මෙම මත විමසුම් නතර කළ යුතු ක්‍රමවේදය සම්බන්ධයෙන් කොමිෂන් සභාවේදී සාකච්ඡා කරන බවද සභාපතිවරයා පැවසීය.

විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ මෙවැනි මත විමසුම් සිදු කරන්නේ නම් ඒවා නතර කිරීම පහසු වූවද, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදුකරන මත විමසුම් නතර කිරීම පහසු කටයුත්තක් නොවූවත්, ඒ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රමවේදයක අවශ්‍යතාව පවතින බවද ඔහු කීවේය.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us