තැපැල් ඡන්දයට ඡන්ද දායකයින් ලක්ෂ 7කට අධික පිරිසක්

Published in පුවත්
Tuesday, 20 August 2024 09:52

මෙවර ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් ලක්ෂ 7 කට අධික පිරිසක් සුදුසුකම් ලබා තිබේ.

ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඒ අතර වන බව මැතිවරණ කොමිසම පවසයි.

මෙම පිරිස පසුගිය ජනාධිපතිවරණය හා මහ මැතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීමට සුදුසුකම් ලැබූ පිරිස ඉක්මවා යාමකි.

එළැඹෙන ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශයට පත් කිරීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලීසිය සඳහා සැප්තැම්බර් 4 වැනිදා දින නියම කර තිබේ.

සෙසු රාජ්‍ය සේවකයින් සඳහා සැප්තැම්බර් මස 5 හා 6 යන දින දෙක තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට වෙන් කර ඇති බව මැතිවරණ කොමිසම පැවසුවේ ය.

එම දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට සැප්තැම්බර් 11 සහ 12 දෙදින ද තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කර ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කළේ ය.

-P.M

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us