ඉතිහාසයේ පළමු වතාවට පාසල් දරුවන් තිස් පන්දහසකට ජනාධිපති මන්දිරය නැරඹීමට අවස්ථාව ලබා දීලා

Published in පුවත්
Tuesday, 20 August 2024 09:38

පාසල් දරුවන් තිස් පන්දහසක පමණ පිරිසක් පසුගිය වසර දෙක තුළ ජනාධිපති මන්දිරය, පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පිහිටි ජනාධිපති කාර්යාලය, වරාය නගරය, මහ බැංකුව, පාර්ලිමේන්තුව, නෙළුම කුළුණ ඇතුළු කොළඹ අවට අධ්‍යාපනික වටිනාකමක් සහිත ස්ථාන නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

මෙවන් විශාල සිසු පිරිසකට මෙම වටිනා අවස්ථාව හිමි වුයේ ඉතිහාසයේ පළමු වරට වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මග පෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ කාර්යාලයේ මෙහෙය වීමෙන් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන සමඟ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය හා ජාතික තරුණ සේවා සභාව ද අත්වැල් බැඳ ගනු ලැබීය.

මෙම ක්ෂේත්‍ර චාරිකාව තුළ දී සිසු දරුවන්ට ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ විවිධ කඩඉම් ඇතුලු ඵෙතිහාසික තොරතුරු ඇතුළත් වාර්තා මෙන්ම සුවිශේෂී මතක සටහන් දැක බලාගැනීමට අවස්ථාව උදා විය.

ජනාධිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා සමඟ මෙන්ම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා සමඟ ද නිරතුරුව අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව හිමි විය.

කොළඹින් දුර බැහැර දුෂ්කර පළාත්වල පාසල්වල සිසුන් ඇතුළු දිවයින පුරා පාසල් 160කට අධික සංඛ්‍යාවක සිසුන් මේ වන විට මෙම ක්ෂේත්‍ර චාරිකාව සඳහා එක්ව තිබෙන අතර වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මකය.

එසේම ජනාධිපති කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තුව පවත්වා ගෙන ගිය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ජනාධිපතිවරයාගේ ආරාධනය පරිදි මේ වන විට පාසල් රැසක ශිෂ්‍ය පාර්ලිමේන්තු සහ යොවුන් පාර්ලිමේන්තු සැසි ගණනාවක් පවත්වා තිබෙන අතර රාජ්‍ය පාලන යාන්ත්‍රණය පිළිබඳ දරුවන්ට අවබෝධයක් ලබා දෙමින් ඔවුන්ගේ නායකත්ව ගුණාංග ඉහළ නැංවීම එහි අරමුණයි.

කෙසේ වෙතත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙන්ම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු එම සැසිවාර සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙන්ම මැති ඇමතිවරුන් ද, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ද එක්වු අතර ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය, පාර්ලිමේන්තුව හා පුරවැසියා අතර සමන්ධතාව, පරිපාලනය හා කාර්යභාරය යන තේමාවන් යටතේ එහිදී සිසු දරුවන් දැනුවත් කිරීමේ දේශනද පැවැත්විණ.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us