පශ්චාත් උපාධි ලියාපදිංචිය 74%කින් පහළට

Published in පුවත්
Monday, 12 August 2024 09:31

දිවයින පුරා පශ්චාත් උපාධි ආයතන වලට සිසුන් ලියාපදිංචි වීම පසුගිය වසර හතරක කාලයේදී සැලකිය යුතු ලෙස අඩු වී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ, ආර්ථික විද්‍යා මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසා තිබේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා ආයතනයේ පශ්චාත් උපාධි සඳහා 2021 වසරේදී ලියාපදිංචි වුණු ශිෂ්‍ය සංඛ්‍යාව 1096 ක් බවත් 2022 වර්ෂයේදී එය 889ක් දක්වා පහළ වැටුණු බවත් හෙතෙම සඳහන් කළේය. එම විද්‍යා ආයතනයට පසුගිය වසරේදී ලියාපදිංචි වුණු ශිෂ්‍ය සංඛ්‍යාව පන්සිය හැත්තෑවක් බව පවසන මහාචාර්යවරයා මේ වසරේ මේ දක්වා ලියාපදිංචි වී ඇති ශිෂ්‍ය සංඛ්‍යාව 281 ක් බවද ප්‍රකාශ කළේය.

මේ අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා අංශයට පශ්චාත් උපාධි සඳහා ලියාපදිංචි වන ශිෂ්‍ය සංඛ්‍යාව සියයට 74 කින් පමණ පහළ ගොස් ඇති බව වසන්ත අතුකෝරල  කීවේය.

ආර්ථික අර්බුදය හේතුවෙන් උපාධි පාඨමාලා සඳහා වියදම් කිරීමට මුදල් නැතිකම, වෙනත් පශ්චාත් උපාධි සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විදේශගත වීම, රටේ බදු ක්‍රමය ඇතුළු කරුණු ගණනාවක් පශ්චාත් උපාධි ආයතන වල සිසුන් ලියාපදිංචි වීම අඩු වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇතැයි පැවසූ මහාචාර්යවරයා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ උපකුලපතිවරුන් පශ්චාත් උපාධි සඳහා ළමයින් වැඩි කර ගැනීමට ප්‍රයත්න දැරුවද ඒ උත්සාහය තවමත් සාර්ථක වී නැතැයිද ප්‍රකාශ කළේය.

රටේ මානව ප්‍රාග්ධනය කඩා වැටීමට මේ තත්වය ප්‍රමුඛ වශයෙන් හේතු වී ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us