ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානයෙන් කළු විරෝධතා සතියක්

Published in පුවත්
Monday, 12 August 2024 08:24

අද (12) සිට ලබන 19 වැනිදා දක්වා කළු විරෝධතා සතියක් ප්‍රකාශයට පත්කර ඇතැයි ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ග්‍රාම නිලධාරීන්ගේ අදහස් විමසීමකින් තොරව ග්‍රාම නිලධාරී ව්‍යවස්ථාවක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට විරෝධය පළකරමින් මෙම ක්‍රියාමාර්ග ගන්නා බව එහි සම සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කළේ ය.

මේ අතර, දිවයිනේ සියලු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් ග්‍රාම නිලධාරීන් අද(12) පෙරවරුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිටට කැඳවා විරෝධතාවක නිරතවන බව ද, ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

මේ අතර ග්‍රාම නිලධාරීන් දියත්කර ඇති වර්ජන ක්‍රියාමාර්ගය හරහා ජනාධිපතිවරණයට බලපෑමක් එල්ල වන්නේ ද යන්න සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ නාධිපතිවරණය සම්බන්ධයෙන් වන සියලු කාර්යයන් ගැටලුවකින් තොරව සිදුකිරීමට ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය මීට පෙර එකඟතාවය පළ කළ ද යළිත් ඔවුන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි .

-P.M

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us