ඉන්දියන් සාගරය රැකබලා ගැනීමේ වගකීම  ලංකාවට

Published in පුවත්
Wednesday, 07 August 2024 11:16

සමුද්‍රීය අධ්‍යයනය සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඉන්දියන් සාගරය ආශ්‍රිත රටවල සංගමයේ (IORA) සාමාජිකයකු වශයෙන් සමුද්‍රීය ආරක්ෂාව සහ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් ගනු ලැබ ඇති විවිධ මූලාරම්භයන් සැලකිල්ලට ගනිමින්, පොදු අධ්‍යයනයන් මඟින් ලබා ගනු ලබන දැනුම සහ ක්‍රියා මාර්ග කලාපය පුරා බෙදා හැරීමට හැකි වන පරිදි ප්‍රංශ රජය විසින් "කලාපීය සමුද්‍රීය අධ්‍යයන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා වඩාත් යෝග්‍ය ස්ථානය වශයෙන් ශ්‍රී ලංකාව හඳුනාගනු ලැබ ඇත.

යෝජිත මධ්‍යස්ථානය ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය තුළ පිහිටු වීමටත්, ඒ සඳහා අවශ්‍ය සහාය සහ යටිතල පහසුකම් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨය මඟින් ලබා ගැනීමටත් යෝජනා වී තිබේ.

 ඒ අනුව යෝජිත " කලාපිය සමුද්‍රීය අධ්‍යයන මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට අදාලව ශ්‍රී ලංකා රජය සහ ප්‍රංශ රජය අතර ද්වීපාර්ශ්වික ගිවිසුමකට එළඹීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Last modified on Wednesday, 07 August 2024 11:16

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us