කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන වැඩසටහන ලබන අයවැයෙන් සම්පූර්ණ කිරීමට පියවර

Published in පුවත්
Wednesday, 07 August 2024 10:47

කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන වැඩසටහනේ අවසන් අදියර මීළඟ අයවැය හරහා මුදල් ලබාගෙන සම්පූර්ණයෙන් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්  පැවසීය.

රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුව සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බවත් ඔවුන්ට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා ලබා දීමේ ක්‍රියාමාර්ග මේ වන විටත් සම්පාදනය කරමින් සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (06) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,

පසුගිය සමයේ දැඩි අර්බුදයට ලක්ව තිබූ රට මේ වන විට යළි ගොඩනැඟෙමින් තිබෙනවා. මෙම සංවර්ධන කටයුතු තවදුරටත් ඉදිරියට යා යුතුයි. ඒ නිසා අපි හැමෝම එකට ගමන් කළ යුතුයි. ඉකුත් වකවානුවේ පැවති ආර්ථික අර්බුදය තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රය, මාර්ග ප්‍රතිසංස්කරණය ඇතුළු විවිධ සංවර්ධන කටයුතු ආරම්භ කර තාවකාලිකව අත්හිටුවීමට සිදුවුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුමෙන් පසුව ඒවා දැන් යළි ආරම්භ කරමින් තිබෙනවා.

ඒ වගේම නිෂ්පාදන ක්ෂේත්‍රය ඉහළ නැංවීමේ අරමුණින් නවතා දැමූ ලෝක බැංකු වැඩසටහන හරහා ග්‍රාමීය ප්‍රදේශ සහ නගර යා කෙරෙන මාර්ග සංවර්ධන කටයුතු යළි ආරම්භ කර තිබෙනවා. පසුගිය රජය ආරම්භ කළ කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන වැඩසටහන ද හැකිතාක් දුරට අවසන් කර තිබෙනවා. ඉදිරි අයවැය හරහා මුදල් ලබාගෙන එම වැඩසටහන සම්පූර්ණ කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

එමෙන්ම මේ වන විට ආරම්භ කර තිබෙන ග්‍රාමීය පාලම්වල ඉදිකිරීම් කටයුතු අපි හැකිතාක් දුරට අවසන් කර තිබෙනවා. ඉතිරි කටයුතු ද ඉදිරියේ දී සම්පූර්ණයෙන්ම නිම කිරීමට පියවර ගනු ලබනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩිනම් කිරීමෙන් පසු ආර්ථිකය දියුණු වෙනවා. ඒ සඳහා වැඩසටහන් ආරම්භ කර තිබෙනවා.

රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමුව තිබෙනවා. වයසත්, නිවසේ පවතින ආර්ථික තත්ත්වයත් නිසා ඔවුන් උද්ඝෝෂණ කරමින් ආණ්ඩුවට බලපෑම් කරනවා. ඒ ගැනත් අපි අවධානය යොමු කර තියෙනවා. ඔවුන්ට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා ලබා දීමේ ක්‍රියාමාර්ග මේ වන විටත් සම්පාදනය කරමින් තිබෙනවා.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us