වී මෝල් හිමියන් කෝටි 39 ක සහල් තොග රජයට ලබාදී නෑ

Published in පුවත්
Tuesday, 06 August 2024 09:11

ගොවීන්ගෙන් වී තොග මිලදී ගැනීම සඳහා රජය විසින් මුදල් ලබා දුන් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් 84 දෙනකු රුපියල් කෝටි 39 කට ආසන්න වටිනාකමකින් යුතු සහල් තොග රජයට ලබාදී නැතැයි අනාවරණය වේ.

ගොවියාගේ වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් දීමේ අරමුණින් සහ පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට වෙළෙඳපොළෙන් සහල් මිලදී ගැනීමට හැකි පරිදි වී අලෙවි මණ්ඩලයෙන් පරිබාහිරව වී මිලදී ගැනීමේ වැඩසටහනක් රජය විසින් ඉකුත් 2019/20 මහ කන්නයේ සිට ක්‍රියාත්මක කරන ලදි.

ඒ අනුව, රජය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට වී මිලදී ගැනීමට මුදල් නිකුත් කරන ලදී. එලෙස මිලදී ගන්නා වී සහල් බවට පත් කිරීමෙන් පසු වී කෙටුම් කුලිය රජය විසින් වී මෝල් හිමියාට ගෙවීමට කටයුතු කරන ලදි.

2019/20 මහ සහ 2020 යල කන්නවලදී වී අලෙවි මණ්ඩලය හරහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට බැංකු අරමුදල් සැපයීමට කටයුතු කෙරුණු අතර 2020/21 මහ කන්නයේ සහ 2021 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් ඍජුවම දිස්ත්‍රික් ලේකම්වරුන්ට මුදල් සැපයීම සිදු කෙරුණි. මෙහිදී මහා භාණ්ඩාගාරය නිකුත් කරන ලද චක්‍රලේඛ අනුව, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් අතර ඇතිකරගත් ගිවිසුමකට අනුව වී මිලදී ගැනීමේ කටයුතු සිදු කෙරුණි.

එම ගිවිසුමට අනුකූලව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් මිලදී ගන්නා වී තොග දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් අනුව සහල්කර වෙළෙඳපොළට සැපයීමට කටයුතු කෙරිණි. දිස්ත්‍රික්ක 12 ක සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් 200 ක් පමණ මෙම වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළට සම්බන්ධවී සිටියේය.

මෙම වී මෝල් හිමියන් අතුරින් 84 දෙනකු රුපියල් මිලියන 389.57 ක් වටිනා සහල් තොග රජයට ලබාදීමට කටයුතු කර නොතිබිණි.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වී මෝල් හිමියන් 56 ක්, අම්පාර දිස්ත්‍රික්කයේ එක් වී මෝල් හිමියෙක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වී මෝල් හිමියන් 07 ක් සහ පුත්තලම දිස්ත්‍රික්කයේ වී මෝල් හිමියන් 20 ක් මෙලෙස රුපියල් මිලියන 389 කට අධික වටිනාකමකින් යුතු වී තොග රජයට ලබාදී නැතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වී මෝල් හිමියන් අදාළ හිඟ මුදල් නොගෙවීම සම්බන්ධව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක්ද ආරම්භ කර තිබේ.

නියමිත සහල් තොග ලබානොදෙන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සඳහා මේ වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වනවිට සිය හිඟ මුදලින් අවම වශයෙන් සියයට 30 ක මුදලක් ගෙවීමේ කොන්දේසියට යටත්ව, හිඟ සහල් තොගවල වටිනාකම පියවීමට ලබන 2027 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා දක්වා සහන කාලයක් ලබාදීමටත්, සම්පූර්ණ හිඟ මුදල් නොගෙවූ වී මෝල් හිමියන් අසාදු ලේඛන ගතකරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම්දීමටත්, අදාළ කාලය තුළ හිඟ මුදල් නොපියවන වී මෝල් හිමියන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් අදාළව මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ලැබී ඇත.

- අරුණ 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us