රාජපක්ෂලාගේ හා සජිත්ගේ කුමන්ත්‍රණයක් හැරිසන් හෙළි කරයි Featured

Published in පුවත්
Tuesday, 06 August 2024 09:01

රාජ කුමාරවරු මේ රටේ නායකයන් බවට පත් කිරීම සඳහා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් තවදුරටත් සූදානම් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.හැරිසන් මහතා බකමූණ නගරයේ පැවැති ජන හමුවකදී පැවසීය .

ඔහු මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ බකමූණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේදීය.
මෙහිදී අදහස් දක්වමින් පී.හැරිසන් මහතා මෙසේ ද පැවසීය.

"මේ රටේ තවදුරටත් පක්ෂ දේශපාලනය නෑ.පක්ෂ දේශපාලනය තිබුණා නම් රටේ අගමැති වෙන්නත් ජනාධිපති වෙන්නත් රනිල් වික්‍රමසිංහට බෑ.ඒ නිසා රාජපක්ෂවරු ඇරුණහම පොහොට්ටුවේ මන්ත්‍රීවරු 130ක පිරිසක් රනිල් වික්‍රමසිංහට සහයෝගය දක්වන්න මේ වනවිට ඉදිරිපත්වෙලා ඉන්නවා.මේ වනවිට සජිත් ප්‍රේමදාසත් රාජපක්ෂ පවුලත් එකතුවෙලා සිදු කරපු කුමන්ත්‍රණයක් එළිවෙලා තියෙනවා.

සජිත් ප්‍රේමදාසත් ,බැසිල් රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ එකතුවෙලා රනිල් වික්‍රමසිංහ මහතා නැවත බලයට එන එක නවත්වන්න තමයි මේ කුමන්ත්‍රණය කරල තියෙන්නෙ.ඒ නිසා ඒ කුමන්ත්‍රණවලින් රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වෙන එක වළක්වන්න බෑ.මේ වනවිට පොහොට්ටුව,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේම මේ රටේ පක්ෂ ගණනාවක් රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළකරන්න එකතුවෙලා ඉවරයි. කුමාරවරු රජකරන්න තවදුරටත් මේ රටේ ජනතාව සූදානම් නෑ. මේ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් රනිල් වික්‍රමසිංහ මහතා ලබනවා.ඒක කාටවත් වළක්වන්න බෑ."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us