පොහොට්ටුවේ ධම්මික හෙට කලඑළි බසී. මහින්දගේ සහය නැතිලු. Featured

Published in පුවත්
Tuesday, 06 August 2024 08:28

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා ඉදිරිපත් වන බව හෙට (07) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

හෙට පෙරවරුවේ සුබමොහොතින් සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කරන බව එම පක්ෂයේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවතේ පිහිටි ප්‍රධාන පක්ෂ කාර්යාලයේ පැවැත්වෙන විශේෂ උත්සවයක දී ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

ඉදිරි ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙකු ප්‍රකාශයට පත්කිරීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය පසුගියදා පියවර ගනු ලැබීය.

එම තීරණයත් සමග පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකිරීමට තීරණය කළ අතර එලෙස ජනාධිපතිවරයාට සහය පළකිරීමට ඉදිරිපත් වූ මන්ත්‍රීවරුන්ගේ ආසන සංවිධායක ධුර ද ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන මේ වන විට කටයුතු කර තිබේ. කෙසේ නමුත් මේ වන විට පොහොට්ටු පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහය ජනාධිපති රනිල්ට හිමිව ඇත.

මේ අතර මෙම තීරණයට සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල තුළද එකඟතාවයක් නැති බව වාර්තාවෙයි. මෙ තීරණය නාමල් සහ බැසිල් ගත් එකක් වන අතර පක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ කැමැත්ත ඊට හිමිව නැති බවත් මේ අනුව මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මහින්ද රාජපක්ෂ සහභාගී නොවන බවද පක්ෂයට දන්වා ඇතැයි දැන ගැනීමට ඇත.

-P.M

Last modified on Tuesday, 06 August 2024 08:59

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us