වාහනවල දුම නිසා පරිසර පද්ධතියට හානි

Published in පුවත්
Tuesday, 06 August 2024 08:35

මෙරට ධාවනය වන වාහන ලක්ෂ 58 අතුරින් වාහන 1,160,000ක් වායු විමෝචන මධ්‍යස්ථානවලදී අසමත්වන බව අනාවරණය වී තිබේ. 

ඒ අනුව මෙරට වාහන ලක්ෂ 58 අතුරින් සියයට 20 ක්ම වායු විමෝචන මධ්‍යස්ථානවලදී අසමත් වන්නේ වාහන නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න පැවැසීය.

වායු විමෝචන මධ්‍යස්ථාන 464 ක් දිවයින පුරා ස්ථාපිත කර තිබෙන බවත්, ඇතැම් මධ්‍යස්ථානවලින් විවිධ වංචා කටයුතු සිදුවන බවට තොරතුරු අනාවරණයවීම නිසා එම මධ්‍යස්ථාන සී.සී.ටී.වී. කැමරාවලින් නිරීක්ෂණය කිරීමට කටයුතු යොදා ඇති බවත් ඇමැතිවරයා පැවැසීය.

තව මාස දෙකකින් වායු විමෝචන සහතික, රක්ෂණ සහතිකය සහ වාහන ආදායම් බලපත්‍රය එකම ස්ථාන දිවයින පුරා පිහිටුවීමට කටයුතු කරන බවත් මේ නිසා ජනතාවට වායු විමෝචන සහතිකය රැගෙන ස්ථාන කීපයකට යාමට අවශ්‍ය නොවන බවත් ඔහු කීවේය.

දිවයිනේ වායු දූෂණ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා නගර 100 ක වායු තත්ත්ව නිරීක්ෂණ මාන සවි කිරීමට කටයුතු යොදා ඇතැයි ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න පැවැසීය.

මේ වනවිට දිවයිනේ ස්ථාන 20 ක වායු තත්ත්වය නිරීක්ෂණය කෙරෙන බවද ඔහු කීවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,

ප්‍රවාහන ක්ෂේත්‍රය නිසා ලෝකයේ මෙන්ම අප රටේ ද පරිසර පද්ධතියට හානි රැසක් සිදුවනවා. වාහනවලින් පිටවන දුමාරය ඒ අතර විශේෂයි. ඊට විසඳුමක් ලෙස අප විසින් දුම් සහතික නිකුත් කිරීම සිදු කරනවා. ඒ අනුව අප රටේ වායුගෝලයේ ගුණාත්මක භාවය හොඳ තත්ත්වයකින් පවත්වාගෙන යාමට සමත්ව තිබෙනවා. එමඟින් පෙනහළු ආශ්‍රිත රෝග අවම කිරීමට මෙම වැඩ පිළිවෙල සහාය වනවා.

ඒ වගේම ප්‍රවාහන අමාත්‍යාංශය, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව ඉදිරි මාස හය ඇතුළත වායු විමෝචන තත්ත්වය මැන බැලීම සඳහා මධ්‍යස්ථාන සියය දක්වා වැඩි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. මෙම දත්ත සියල්ලම එක් තැනකට ගෙන ලෝකයේ ඕනෑම තැනක සිට ඕනෑම පුරවැසියෙකුට සජීවිව අන්තර්ජාලය හරහා වායු විමෝචන තත්ත්වයන් බැලීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

එමෙන්ම වාහන වායු විමෝචන සහතිකය ලබාගැනීමෙන් පසු එම ස්ථානයෙන්ම රක්ෂණය සහ වාහන බලපත්‍රය ලබාගැනීම සඳහා අවශ්‍ය වැඩ පිළිවෙල සකස් කර තිබෙනවා. ඉදිරි මාස දෙක ඇතුළත එම වැඩපිළිවෙල දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (05 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.

 

Last modified on Tuesday, 06 August 2024 08:43

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us