රත්මලාන දුම්රිය අංගනයේ තිබූ දුම්රිය මැදිරිවලට සවිකරන ලක්ෂ තුනකට අධික වටිනාකමකින් යුත් යකඩ කොටස් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු මෙලෙස දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබිණි.
ඔවුන් ගල්කිස්ස පොලිස් ස්ථානයට භාරදීමටයි කටයුතු කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22ත් 29ත් අතර වයස්වල පසුවන රත්මලාන, පිළියන්දල හා මොරටුව ප්රදේශවල පදිංචිකරුවය.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.