අමු ඉඟුරු ආනයනයට කැබිනට් පත්‍රිකාවක්

Published in පුවත්
Monday, 05 August 2024 10:03

දැනට ඉඟුරු හිඟයට තාවකාලික විසඳුමක් ලෙස අමු ඉඟුරු මෙට්‍රික් ටොන් 3,000ක් ඉදිරි මාස තුන තුළදී ආනයනය කිරීමට අදාළව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

ආනයන හා අපනයන (පාලන) පනත යටතේ මුදල් ඇමැතිවරයා විසින් නිකුත් කරන ලද 2020 වසරේ අගෝස්තු මස 17 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය අනුව ඉඟුරු ආනයනයද තාවකාලිකව නතර කර ඇත.

මෙරට ගෘහස්ථ භාවිතය සඳහා වාර්ෂික වියළි ඉඟුරු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 5,167ක් බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙරට නිෂ්පාදනය කෙරෙන අමු ඉඟුරු ප්‍රමාණය වසරකට මෙට්‍රික් ටොන් 19,375කි. අමු ඉඟුරු මිල ගණන් නිරන්තරයෙන් වෙනස්වීම හේතුවෙන් එම වගාවෙන් ගොවීන් රැසක් ඉවත්වීම හේතුවෙන් මේ වනවිට වෙළෙඳපොළේ ඉඟුරු හිඟයක් නිර්මාණය වී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කියයි. මේ හේතුවෙන් ඉඟුරු කිලෝවක මිල රුපියල් 5,000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි.

රට තුළ පවතින අමු ඉඟුරු හිඟය හේතුවෙන් බීජ ඉඟුරු පවා මේ වනවිට පාරිභෝජනයට යොදා ගැනෙන බවත්, මේ නිසා ලබන වසරේ (2025) වගා කිරීමට බීජ ඉඟුරු නොමැතිවීමේ තත්ත්වයක් උද්ගතව ඇතැයිද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර තිබේ.

රට තුළ පවතින ඩොලර් සංචිත රැක ගැනීමේ අරමුණින් දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය ඉඟුරු තොග පමණක් ආනයනය කිරීම සුදුසු බවද, අමු ඉඟුරු ආනයනය ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා කිරීමට එහි එකඟත්වය ලැබී ඇතැයිද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර ඇත.



-   අරුණ 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us