පොහොට්ටුවෙන් 92ක් රනිල්ට මනාපයි ! Featured

Published in පුවත්
Tuesday, 30 July 2024 22:18

ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයේදී  සහය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 92 ක් අද (30) ඒකමතිකව තීරණය කරනු ලැබූහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ  සහභාගීත්වයෙන්  ජනාධිපති මන්දිරයේදී  පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී  මන්ත්‍රීවරු මෙම එකඟතාවය පළ කළහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමේ යෝජනාව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ   මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා එම යෝජනාව ස්ථීර කර තිබේ.

⁣මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද  ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන බවට මෙම කණ්ඩායම් රැස්වීමේදී ප්‍රතිඥා දී ඇත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට පක්ෂව එහි විධායක සභාවේදී  ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වී නොසිටි අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වීමට නොහැකි බව දැනුම් දී තිබුණි. 

වන ජීවී සහ වන සම්පත් අංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි  ද  මෙම කණ්ඩායම්  රැස්වීමට සහභාගී වී සිටියාය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us