අත තුනට කැඩෙයි

Published in පුවත්
Monday, 29 July 2024 09:10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේවනවිට කෑලි තුනකට කැඩී ගොස් ඇත. ඒ එහි නියෝජිතයන් කණ්ඩායම් තුනකට බෙදී ජනාධිපති අපේක්ෂකයන් තිදෙනකුට උදව් කරන බව ප්‍රකාශ කිරීම හේතුවෙනි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායම ජනාධිපති අපේක්ෂකයා වශයෙන් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට දැනටමත් තීරණය කර ඇත.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කරන බවට ප්‍රකාශ කර ඇති අතර දයාසිරි ජයසේකර මහතා සමග ජන බලවේගයේ අපේක්ෂකයාට උදව් කරන බව දැනගන්නට ඇත.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය සහයෝගය දෙන ජනාධිපති අපේක්ෂකයා 31 වැනි දා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ උපසභාපති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

නිත්‍යානුකූල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම කණ්ඩායම බවත් පක්ෂ මූලස්ථානය තියෙන්නේද තම කණ්ඩායම අතේ හෙයින් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවට ඇතැමුන් කරන ප්‍රකාශ පිළි නොගන්නා බවත් ඔහු සඳහන් කළේය.

-ලංකාදීප

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us