ප්‍රධාන පාසල් 1250ක් සුහුරු පාසල් වෙයි

Published in පුවත්
Monday, 29 July 2024 09:25

මෙරට ප්‍රමුඛ පාසල් 1250ක් සුහුරු පාසල් ලෙස සංවර්ධනය කර අධ්‍යාපන අමාත්‍යාංශයේ සිට මෙහෙයවිය හැකි සේ එකම ජාලයකට ඉදිරියේ දී ගන්නා බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

ඒ සඳහා චීන රජයෙන් ඩොලර් මිලියන 20ක ප්‍රදානයක් ලැබෙන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විදුහලේ 1ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සියලුම පන්ති කාමර සුහුරු පන්ති කාමර බවට පත් කර ඒවා සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගි වෙමින් ඇමැතිවරයා පසුගියදා මේ බව පැවැසුවේය.

1-6-10 ශ්‍රේණි සඳහා ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත නව අධ්‍යාපන ක්‍රමවේදයට අදාළ නියමු ව්‍යාපෘතියේ කටයුතු මේ වන විට අවසන් අදියරට ළඟා වී ඇති බවත් ඊට අවශ්‍ය ඉගෙනුම් මොඩියුලර් හදා අවසන් අතර එම මොඩියුලර් පොත් ඉදිරි සති දෙක තුළ මුද්‍රණයට බාර දෙන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඒ සඳහා අවශ්‍ය පුහුණුකරුවන් මෙන්ම ගුරුවරුන් ද පුහුණු කිරීමේ අභියෝගය ජය ගත යුතු යැයි ද, මෙම වෙනස සිදු නොකළහොත් තව වසර දහයක් තුළ පාසලෙන් නික්මෙන දරුවන් අභියෝගවලට මුහුණ දිය නොහැකි පිරිසක් වනු ඇතැයි ද ඇමැතිවරයා පැවසුවේය.

ඉදිරියේ දී විද්‍යාපීඨ සියල්ල එක් කර එක් විශ්වවිද්‍යාලයක් බවට පත් කරන බවත් ඒ අනුව 2028 වර්ෂයෙන් පසු ගුරුවරුන් ලෙස බඳවා ගන්නේ අධ්‍යාපනවේදී උපාධිධාරීන් බවත් ඇමැතිවරයා කීය. ඩිප්ලෝමාධාරීන් ඉදිරියේ දී ගුරු වෘත්තියට බඳවා නොගන්නා බවත් වේගයෙන් වෙනස් වන දැනුම අනුව ගුරු වෘත්තිකයන්, වෛද්‍යවරුන් වැනි සෑම වෘත්තිකයකුම සිය දැනුම යාවත්කාලීන කර ගත යුතු බවත් ඇමැතිවරයා කියා සිටියේය.

ප්‍රාථමික අධ්‍යාපනයේ පදනම වන සෞන්දර්ය විෂයය කිසිසේත් විෂය මාලාවෙන් ඉවත් නොකරන බවත් ඒ සම්බන්ධයෙන් සාවද්‍ය මත පැතිර යන බවත් ඇමැතිවරයා පැවැසුවේය.

කෘත්‍රිම බුද්ධිය හා තොරතුරු තාක්ෂණ විෂයය මුසු කොට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් දක්වා පාසල් විෂය මාලාව නිර්මාණශීලීව ඔසවා තබන බවත් එහි නියමු ව්‍යාපෘතිය ආරම්භ කර පාසල් 100ක ක්‍රියාත්මකව ඇති බවත් ඇමැතිවරයා පැවැසීය. ඊට සරිලන සේ ගුරුවරුන් පුහුණු කර මයික්‍රොසොෆ්ට් ආයතනයත් සමඟ එක්ව අන්තර්ජාතික පිළිගැනීමක් සහිත බලපත්‍රයක් එම ගුරුවරුන්ට ලබා දෙන බවත් රට හැර නොයන ලෙසට එම ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සන්ධ්‍යා කරුණාරත්න

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us