අතුරුගිරියේදී ඉකුත් (8) වැනිදා සිදු වූ වෙඩි තැබීමෙන් ගායන ශිල්පිනී කේ.සුජීවාගේ පාදයකට වෙඩි උණ්ඩ දෙකක් වැදී තිබුණි.
සැත්කම් කීපයකින් අනතුරුව කේ. සුජීවා කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටියාය.
ඇයගේ පාදයේ තුවාල යහපත් අතට පත්වීම හේතුවෙන් ඇය වෛද්‍ය උපදෙස් මත රෝහලෙන් පිටව ගොස් ඇති බව එම උසස් නිලධාරියා පැවසීය.