ජනපති රනිල්ගෙන් සහතිකයක් - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් ස්තුති කරයි

Published in පුවත්
Tuesday, 23 July 2024 09:17

අයවැයෙන් මුදල් වෙන්කර ඇත්තේ ජනාධිපතිවරණයට පමණක් බැවින් අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පවත්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහතිකයක් ලබා දී තිබේ.

ජනාධිපතිවරණය කල් දැමීමට තමන් උත්සහ දරණ බවට විපක්ෂය කුමන මත පළකළ ද අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පවත්වන බවත් මේ වසර තුළ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ප්‍රතිපාදන නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දී තිබේ

පසුගිය සමය ඉතා දුෂ්කර කාලයක් වූ බව පැවසූ ජනාධිපතිවරයා මේ වන විට එම දුෂ්කර කාලය ගෙවා දමා ඇති බව ද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ (22) පස්වරුවේ පවත්වා ඇති අතර එහි දී වසර දෙකක කාලයක් ආණ්ඩුව පවත්වාගෙන යාමට ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපතිවරයා සිය ස්තූතිය පළකර තිබේ.

මේ අතර ජනාධිපතිවරණය පවත්වන දිනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කළ ද පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට හැකියාව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර  පවසයි.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ අවස්ථාවේ දී ගෙනඒමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us