ශ්‍රී ලංකාවේ දිගම ගුවන් පාලම ළඟදීම ජනතා අයිතියට

Published in පුවත්
Friday, 19 July 2024 09:58

ණය ප්‍රතිව්‍යූහගත කිරීමෙන් පසු ඉදිකිරීම් කඩිනම් වුණු ශ්‍රී ලංකාවේ ඉදි වූ දිගම අධිවේගි ගුවන් පාලම නුදුරේදීම ජනතා අයිතියට පත් කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසා තිබේ.

ඉඟුරුකඩේ හන්දියේ සිට ගාලු මුවදොර හරහා ඉදි කෙරෙන ශ්‍රී ලංකාවේ දිගම අධිවේගි ගුවන් පාලමේ නිරීක්ෂණ කටයුතු සඳහා ඊයේ (18) සහභාගී වු අමාත්‍යවරයා මේ බව පැවසීය.

ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 300ක් වෙන් කළ මේ ව්‍යාපෘතිය 2019 සැප්තැම්බර් 27 දින ආරම්භ කරනු ලැබීය.

කොඩිඩ් වසංගතය, ආර්ථික අර්බුදය සහ අනෙකුත් විවිධ ගැටලු සහ අභියෝග ජය ගනිමින් එහි කටයුතු ඉතා සාර්ථකව අවසන් වෙමින් පවතින අතර, එය නිම වීමෙන් පසු කොළඹ වරාය සිට හෝ ගාලු මුවදොර සිට අධිවේගි මාර්ග ඔස්සේ රටේ ඕනෑම තැනකට මාර්ග තදබදයකින් තොරව ගමන් කිරීමට අවස්ථාව හිමි වේ. එසේම කොළඹ වරායට වෙනම අන්තර් හුවමාරුවක්ද යොදා ඇති බැවින් කොළඹ වරායේ කන්ටේනර් ප්‍රවාහනයටද මෙමඟින් මහත් පහසුවක් සැලසෙනු ඇත. දිගින් කි.මී. 5.3ක් වන එය මෙවසරේ ඔක්තෝබර් මස වන විට සියලු වැඩ නිම කර මහජන අයිතියට පැවරීමට නියමිතය.

නිරීක්ෂණ චාරිකාවට එක් වෙමින් ඇමැතිවරයා මෙසේද පැවසීය:

“ආර්ථික අර්බුදය සහ විශාල ලෙස මුදල අවප්‍රමාණය වීමේ බලපෑම් නොසලකා ගිවිසුම්ගත මුදලටම මේ කටයුතු මේ වන තෙක් අඛණ්ඩව පවත්වාගෙන යෑමට මෙහි ඉදි කිරීම් සමාගම වන චයිනා සිවිල් ඉංජිනියරින් කන්ස්ට්‍රක්ෂන් කෝපරේෂන් සමාගම කටයුතු කරනවා. ඒ වගේම මේ කාලය තුළ සියලු විදේශ ණය ප්‍රතිව්‍යූහගත කරන තෙක් අනෙක් සියලු ව්‍යාපෘති නතර වුණා. ණය ගෙවීම් පැහැර හැරීමෙන් පසුවත් මේ ව්‍යාපෘතියට පමණක් මූල්‍ය සම්පත් දීම වෙනුවෙන් අප ආසියානු සංවර්ධන බැංකුවට ස්තුතිවන්ත විය යුතුයි.

“දැන් ඒ ගැටලු නිරාකරණය වී තිබෙනවා. ලංකාණ්ඩුව විදේශ ණය ප්‍රතව්‍යූහගතකරණය සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ගිවිසුම් අත්සන් කර තිබෙන නිසා ප්‍රංශයත්, ඉන්දියාවත්, ජපානයත් සමඟ ජාත්‍යන්තරයට සහතිකයක් දී තිබෙනවා. කවුරු රාජ්‍ය කළත් ගිවිසගත් ආකාරයට අප ඒ ආකාරයට හැසිරෙන බවට පොරොන්දු වී තිබෙන නිසා සියලු සංවර්ධන ව්‍යාපෘති දැන් ආරම්භ කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ අනුව හංගේරියානු රජය ඒ රටේ බදු ගෙවන ජනතාවගෙන් දුන් ණය මුදලින් කොහුවල ගුවන් පාලම අප විවෘත කළා. අප හංගේරියානු රජයට ස්තුතිවන්ත වනවා වගේම නුවර ගුවන් පාලම ඉදි කරන්නත් අවශ්‍ය මූල්‍ය දෙන බවටත් අපට දැනුම් දී තිබෙනවා. ඒ ගුවන් පාලමේ කටයුතුත් අපට ආරම්භ කරන්න පුළුවන්.

“ශ්‍රී ලංකාවේ කිසිදු අධිවේගි මාර්ගයක්, පාරක්, පාලමක්, ඇනිකට් එකක්, වේල්ලක්, විදුලි බලාගාරයක්, සංවර්ධන යෝජනා ක්‍රමයක්… යන මේ කිසිවක් දේශීය හා විදේශී ණය නොගෙන හැදිලා නැහැ. ආණ්ඩුවේ සමස්ත බදු ගෙවන මහජනයාගේ මුදල් සහ බදු නොවන මාර්ගවලින් ලැබෙන මුළු ආදායම කිසිම ආණ්ඩුවක් එදිනෙදා පවත්වාගෙන යෑමේ වියදම දරන්නවත් ප්‍රමාණවත් නැහැ. බදු නොවන ආකාරයන්ගෙන් උපයාගන්නා ආදායමත් ප්‍රමාණවත් නැහැ. රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි, අස්වැසුම ඇතුළු සහනාධාර රාජ්‍ය ණය සඳහා පොලි ගෙවීම් ඇතුළු පුනරාවර්තන වියදම් පියවන්නවත් ඒ ආදායම ප්‍රමාණවත් නැහැ.

“අධිවේගි මාර්ග සඳහා ගෙන ඇති ණය ප්‍රමාණය බිලියන 800ක්. අධිවේගි මාර්ගවලින් මුදල් අය කර ලැබෙන්නේ බිලියන 5යි. එහෙම ගෙවුවොත් ණය ගෙවන්න අවුරුදු 160ක් යනවා. මේ අමාරු කාලයේ ජත්‍යන්තර මූල්‍ය අරමුදල ණය සපයන්නේ දීර්ඝ කාලීන සහනදායි ණයයි. ඒ අනුව තමයි මේ ගුවන් පාලම ඉදි වී තිබෙන්නේ.

“මේ ගුවන්පාලම ඉදි කිරීමට කැප වූ මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ උපාලි කණ්ඩම්බි මහතා ඇතුළු ඉංජිනේරුවන්ට හා චයිනා සිවිල් ඉංජනියරින් කන්ස්ට්‍රක්ෂන් සමාගමට මගේ ස්තුතිය පුද කරනවා. ලෝකයේ තිබෙන දියුණු තාක්ෂණය හුවමාරු කරගන්න අපේ ඉංජිනේරුවන් ඇතුළු පිරිසට එමඟින් ලැබී තිබෙනවා. මේ වසර නිම වීමට පෙර මෙය ජනතා අයිතියට පත් කිරීමට හැකි වේවි. මේ ව්‍යාපෘතියේදී භාවිත කළ නව තාක්ෂණය, මුහුණ දුන් අභියෝග සහ ව්‍යාපෘතිය නිම කිරීමට ගත් ක්‍රියා මාර්ග ඇතුළුව ව්‍යාපෘතියේ අත්දැකීම් මේ රටේ පාසල් සිසුන්ට, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට, වෘත්තීයවේදීන්ට හා මහජනතාව දැනුවත් කිරීම සඳහා දැවැන්ත වැඩමුළුවක් ඉහත සඳහන් කළ කණ්ඩායම් අතුරින් 700 දෙනකු සහභාගි කරගෙන මේ මස 24 දින කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී පෙ.ව. 9.00 සිට ප.ව. 4.30 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.”

WhatsApp Image 2024 07 19 at 09.57.00 016b2b00

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us