කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ මෙරටට පැමිණි චීන මහජන සමූහාණ්ඩුවේ රේගු පරිපාලනය පිළිබඳ (Vice Minister of General Administration of Customs) උප අමාත්‍ය Wang Lingjung ඇතුළු නියෝජිත පිරිස සමග කළ සාකච්ඡාවේ දී මෙම එකඟතාවය පළ කළ බවය.
ඒ අනුව අවශ්‍ය තරම් කුකුළු මස් හා බිත්තර මෙන්ම අන්නාසි චීන වෙළෙදපලට අපනයනය කිරීමට ශ්‍රී ලංකාවේ අන්නාසි වගා කරුවන්ට මෙන්ම කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්ට ඉඩ ලැබී තිබේ.