කොවිඩ් හා ආර්ථික අර්බුද හමුවේ රාජ්‍ය අංශය ආරක්ෂා කරන්න ජනපතිගේ උපදෙස් පිටුවහලක් වුණා

Published in පුවත්
Thursday, 18 July 2024 11:15

කොරෝනා වසංගත තත්ත්වය හා දරුණු ආර්ථික අර්බුදය හමුවේ වුවද කිසිදු සේවක හෝ වැටුප් කප්පාදුවකින් තොරව රාජ්‍ය සේවය ස්ථාවරව පවත්වාගෙන යාමට හැකි වීම ජයග්‍රහණයක් බවත් ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් ලද උපදෙස් ඉවහල් වූ බවත් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පවසා තිබේ.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් ඊයේ (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.


වැඩිදුරටත් අදහස් දැක්වූ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත 

“පසුගිය වසර දෙකක කාලය ඉතා දුෂ්කර වූත්, අභියෝගාත්මක වූත් කාලයක් ලෙස හැඳින්විය හැකියි.

අප මුහුණ දුන් කොරෝනා වසංගත තත්ත්වය හා දරුණු ආර්ථික අර්බූදය හමුවේ රාජ්‍ය සේවයේ වැටුප් ගෙවීමේ අභියෝගයට මුහුණ දීමට සිදු වුණා.

ඒ වගේම ඇතැමුන් රැකියා කප්පාදු කිරීමට සිදු වනු ඇතැයි උපකල්පනය කර තිබුණා.

රාජ්‍ය සේවය අවුල් වෙයි, කඩා වැටෙයි කියා සිතුවා.

නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ උපදෙස් මත රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා‍ ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුනවර්ධන මහතාගේ මඟ පෙන්වීමෙන් සිදු කළ මනා කළමණාකාරීත්වය හේතුවෙන් රාජ්‍ය සේවය ආරක්ෂා කර ගැනීමට හැකි වී තිබෙනවා.

සැබැවින්ම එය විශාල ජයග්‍රහණයක් බව කිව යුතුයි.

ඒ සඳහා රාජ්‍ය‍ සේවයේ මෙන්ම මෙරට සියලු පුරවැසියන්ගේ ද පූර්ණ සහාය හිමි වූ බවද කෘතඥපූර්වකව සිහිපත් කරනවා.

මේ දවස්වල මැතිවරණය ගැන බොහෝ ස්ථානවල කතා කරනවා.

මැතිවරණ පැවැත්විය හැකි තත්ත්වයක් නිර්මාණය කිරීමට අප අමාත්‍යාංශය විශාල කාර්යභාරයක් ඉටු කළ බව කිව යුතුයි.”

Last modified on Thursday, 18 July 2024 11:16

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us