තේ , පොල්, සහ කුරුඳු පොහොර මිල අඩු කෙරේ!

Published in පුවත්
Wednesday, 17 July 2024 14:14

කුරුඳු, තේ හා පොල් යන වැවිලි භෝග සඳහා යොදන පොහොර වර්ග ගණනාවක මිල තවදුරටත් රුපියල් 1500-2000 දක්වා මිලකින් අඩු කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(17) රාජ්‍ය පොහොර සමාගමට උපදෙස් දුන්නේය.

ඒ අනුව රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදන කරන කුරුඳු, තේ සහ පොල් සඳහා යොදා ගන්නා පොහොර වර්ග පහත දැක්වෙන මිල ගණන් අනුව අලෙවි කිරීමට තීරණය කර තිබෙන බව සඳහන් වේ.

පොහොර මිල ගණන් අඩු කිරීම සම්බන්ධව සාකච්ඡාවක් අද දින කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්වුණු අතර , එම සාකච්ඡාවේදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

මේ හැර රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන සෑම පොහෙර වර්ගයකම මිල මෙට්‍රික් ටොන් 01ක් රුපියල් 5000කින් අඩු කිරීමට ද කටයුතු යොදා තිබෙන අතර , කුරුඳු, තේ සහ පොල් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා පොහොර භාවිතය ඉහළ නැංවීමේ අරමුණෙන් මෙම පියවර ගන්නා ලද බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කලේය.

Screenshot 2024 07 17 141057

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us