පාතාලය ගැන පොලිසිය කියන කතාව

Published in පුවත්
Wednesday, 17 July 2024 13:48

විවිධ අපරාධ කර මෙරටින් පලා ගිය පාතාල ක්‍රියාකාරීන් හතළිහකට ආසන්න පිරිසක් ඩුබායිහි සහ ප්‍රංශයේ මහල් නිවාස හතරක සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වලින් පැවසේ.

මේ පිරිස් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරගෙන යන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

පාතාල ක්‍රියාකාරකම් වැඩි වශයෙන් සිදුවන පොලිස් වසම් 43ක් හඳුනාගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

එම වසම් 43ම ඇත්තේ බස්නාහිර සහ දකුණු පළාතේ බවත් එම වසම් 43 සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇති බවත් එම නිලධාරියා කීවේය.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පාතාල ක්‍රියාකාරකම් ඉතාම අඩු බවද ඔහු සඳහන් කළේය.

රටේ පාතාල ක්‍රියාකාරීන් 1091 පමණ සිටින බවට හඳුනාගෙන ඇතැයිද පොලිසිය පවසයි.

මේ අතර පාතාල ක්‍රියාකාරීන් පිරිසක් කංජිපාණී ඉම්රාන් සේ විදේශ රටවල පුරවැසි භාවය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවටද රජයේ බුද්ධි අංශ වලට තොරතුරු ලැබී ඇත.

මේ අතර කෝටිපති ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමෙන් පසු බන්ධනාගාරගතව සිටින පාතාල ක්‍රියාකරුවන් අතරද විවිධ ගැටුම් ඇතිවී තිබෙන බව බන්ධනාගාර ආරංචි මාර්ගවලින් පැවසේ.

- ලංකාදීප

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us