ලංගමට 370ක් බඳවා ගනියි.

Published in පුවත්
Tuesday, 16 July 2024 10:43

ලංකා ගමනාගමන මණ්ඩලයේ රියැදුරු සහ කොන්දොස්තර තනතුරු සඳහා බඳවාගත් 370ක පිරිසක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කර තිබේ.‍

ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී මෙම පත්වීම් ප්‍රදානය සිදු කෙරිණ.

බස්නාහිර පළාතේ ඩිපෝ තුළ පවතින රියැදුරු සහ කොන්දොස්තර තනතුරු පුරප්පාඩු සඳහා විශේෂයෙන් මෙම පිරිස අනුයුක්ත කිරීමට නියමිත බවත් මේ වන විට බස්නාහිර පළාත තුළ වසර දහයකට අධික කාලයක් සේවය කරන පිට පළාත්වල රියැදුරු මහතුන් සහ කොන්දොස්තරවරුන් දීර්ඝ කාලයක් තිස්සේ අයදුම් කර ඇති ස්ථාන මාරු ලබාදීම සඳහා මෙම නවක රියැදුරු සහ කොන්දොස්තරවරුන් බඳවා ගැනීම තුළින් කටයුතු කෙරෙන බවත් වාර්තා‌ වෙයි.

මෙලෙස බඳවා ගන්නා රියැදුරන් සහ කොන්දොස්තරවරුන් වසර තුනක් අනිවාර්යයෙන්ම බස්නාහිර පළාත තුළ තමන් අනුයුක්ත කළ ඩිපෝවේ සේවය කළ යුතු අතර කිසිදු දේශපාලන බලපෑමක් මත එහි කිසිදු වෙනසක් සිදු නොකරන බවද අමාත්‍යවරයා අවධාරණය කළහ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us