සීමාවාසික වෛද්‍ය පුහුණුව ආරම්භ කිරීමටත් පෙර බෙහෙත් දුන් පොඩි දොස්තර නෝනා රිමාන්ඩ් Featured

Published in පුවත්
Tuesday, 16 July 2024 10:31

සීමාවාසික වෛද්‍ය පුහුණුව ආරම්භ කිරීමටත් පෙර පුහුණු වෛද්‍යවරියක ලෙස පෙනී සිට නීතිඥ යුවළකගේ අවුරුදු 6 සහ 8 වියේ පසුවූ කුඩා දරුවන් දෙදෙනෙකුට පෞද්ගලික වෛද්‍ය සායනයක් තුළ දී වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් වෛද්‍ය ශිෂ්‍යාවක් ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (15) පස්වරුවේ නියෝග කළේය.

පසුගිය 3 වෙනිදා කොළොන්නාව ප්‍රදේශයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයකට පැමිණ තිබූ නීතිඥ හුසේන් අසාර් සයිතුන් මහතා සහ නීතිඥවරියක වන පාතිමා ජුතයින් මහත්මිය සිය දරුවන් දෙදෙනොට වෛද්‍ය ප්‍රතිකාර ලබාදී තිබූ අතර, එකී වෛද්‍ය ප්‍රතිකාර ලැබීමෙන් පසුව ඔවුන්ගේ රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා ඒ පිළිබඳ සැකකාර වෛද්‍යවරියට දන්වා වෛද්‍ය සහතිකයක් ලබාගැනීමට පියවර ගෙන තිබිණි.

එකී වෛද්‍ය සහතිකයේ සඳහන් නිල මුද්‍රාවේ වෙනත් වෛද්‍යවරයෙකුගේ නමක් සඳහන්වී තිබී ඇත.

පසුව ඒ පිළිබඳව විමසීමේ දී ඕනෑම අයෙකුට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට තරම් තමා සුදුසුකම් ලබා ඇති බව සැකකාරිය පවසා ඇති අතර ඒ අනුව වැල්ලම්පිටිය පොලීසියට පැමිණිල්ලක් ගොනුකර තිබේ.

එකී පැමිණිල්ල අනුව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා තොරතුරු වාර්තාවක් සකස් කොට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ ලියාපදිංචි කර තිබූ නමුත්, එවැනි සැකකාරියක් හෝ පෙර කී තොරතුරු වාර්තාව, අධිකරණයට ඉදිරිපත් නොකිරීම පිළිබඳව එම නීතිඥ යුවළ හා සෙසු නීතිඥවරුන් පිරිසක් අතිරේක මහෙස්ත්‍රාත්වරයාට කරුණු දක්වා තිබිණි.

ඒ අනුව අදාළ පොලිස් නිලධාරීන් කැඳවූ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා, සැකකාර වෛද්‍ය සිසුවිය සිදුකර ඇත්තේ, මිනීමැරීමට තැත් කිරීමට සමාන වරදක් වන බැවින් වහාම ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝග කර තිබිණි.

නිසි බලයක් නොමැතිව වෛද්‍ය වෘත්තියේ නියැලීම යන චෝදනාවට අත්අඩංගුවට ගත් අජ්රා නියාස් නැමති සැකකාරිය එලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති අතර, නීතිඥ චින්තක ප්‍රනාන්දු, මර්වින් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු 30කට ආසන්න නීතිඥ මණ්ඩලයක් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ වීරසේන රණහේවා මහතා අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටියේය.

-දෙරණ

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us